Home » MAS සිය Women Go Beyond විසි වසර සමරයි

MAS සිය Women Go Beyond විසි වසර සමරයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයෙක් වන MAS Holdings, සිය Women Go Beyond (WGB) වැඩසටහනේ අතිසාර්ථක 20 වන වසර සමරනු ලැබීය. 2003 හි ආරම්භ කරන ලද, WGB තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, සම්මුතීන්ට අභියෝග කිරීම සහ අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති කාන්තාවන්ට අත්වැලක් වීම ඇතුලු සමාජ සත්කාරමය වැඩසටහන් රැසක් දියත් කරන ලදී. 20 වන සංවත්සරය ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම වෙනුවෙන් වූ MAS හි කැපවීම සහ WGB හි මෙහෙවර පිළිබඳ තවත් සාක්ෂියකි.

Women Go Beyond හි ප්‍රධානී තනුජා ජයවර්ධන සඳහන් කරන්නේ,” වසර 20කට වැඩි ගමන සහ සමානාත්මතාව තුළින් ඔවුන් ලබා ඇති ප්‍රගතිය දෙස ආපසු හැරී බලන විට, ”කාන්තාවන් පෙරමුණට” යන සංකල්පය යටතේ ඊට අභියෝගයක් වන බාධක බිඳ දමා සැමට සමානව ගරු කරන අනාගතයක් වෙනුවෙන් WGB වැඩසටහන අඛණ්ඩව කැපවී සිටින බවයි. 2025 වන විට, MAS Holdings හි ඉලක්කය බවට පත්ව ඇත්තේ කාන්තාවන්ගෙන් 30% ක් කළමනාකරණ තනතුරු වෙත ගෙන ඒම වන අතර, කාන්තාවන්ට සමාන අවස්ථා සහ තීරණ ගැනීමේ බලය ඇති ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division