Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තැරැව්කාර සමාගම් අගයයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තැරැව්කාර සමාගම් අගයයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා රක්ෂණ තැරැව්කාර සමාගම් සිදු කරන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඔවුන් ඇගයීමේ උත්සවයක් ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබීය.

රටට සැලකිය යුතු ආර්ථික දායකත්වයක් ලබාදෙමින් රක්ෂණ ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා රක්ෂණ තැරැව්කාර සමාගම් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මොවුන් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට විශේෂඥ දැනුම, වෙළෙඳ පොළ ප්‍රවේශය, අවදානම් කළමනාකරණය සහ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමෙන් රක්ෂණ කර්මාන්තයට සහ ආර්ථිකයට වටිනාකමක් එක් කරන අත්‍යවශ්‍ය අතරමැදියන් වේ.

මෙම දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ තැරැව්කාර සමාගම් උදෙසා වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන අතර මෙම වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් රක්ෂණ ක්‍ෂේත්‍රයේ වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදුන් රක්ෂණ තැරව්කාර සමාගමවල නිර්මාතෘවරුන්ගේ සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුට උපහාර පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division