Home » HNB සමූහය මාස 9දී රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභ

HNB සමූහය මාස 9දී රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභ

by gayan
November 25, 2023 12:30 am 0 comment

හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාළ කාල සීමාව සඳහා HNB සමූහය පිළිවෙළින් රුපියල් බිලියන 29.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

පළමු මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් නිහාල් ජයවර්ධන පැවසුවේ විවිධ සාර්වආර්ථික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව මෙම වසරේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන අතර අභියෝග මධ්‍යයේ වුවද මෙරට ප්‍රමුඛතම බැංකුවක් ලෙස තැන්පතු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5 ක් ඉක්මවා ඇති බව ප්‍රකාශ කිරීමට ලැබීම ඉමහත් සතුටක් බවයි.

ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහහස් දක්වමින් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් පැවසුවේ ‘‘අභියෝගාත්මක කාලවලදී බැංකුව විසින් ගනු ලැබූ පූර්ව සහ දුරදර්ශී ක‍්‍රියාමාර්ග හේතුවෙන් මාස නවයක කාලය තුළ ලබා ගත් මෙම ශක්තිමත් කාර්ය සාධනය පිළිබඳ අප සතුටු වනවා. අභියෝග රැසක් මධ්‍යයේ අඛණ්ඩ කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතුව කටයුතු කළ HNB හි සමස්ත කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි.’’යනුවෙන් ඔහු පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division