Home » සිංගර් වෙතින් නව ZTE දුරකතන පෙළක්

සිංගර් වෙතින් නව ZTE දුරකතන පෙළක්

by gayan
November 25, 2023 12:30 am 0 comment

සිංගර් ශ්‍රී ලංකා සමාගම, Blade V50 DESIGN ඇතුළු නවතම ZTE ස්මාර්ට් ජංගම දුරකතන පෙළක් පසුගිය දා වෙළඳ පොළට නිකුත් කළේය. මේ අතරින් Blade V50 DESIGN ජංගම දුරකතනය මෙරට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වන දුරකතනයක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

නව පෙනුමකින් නිකුත් කරන ලද ZTE Blade V50 DESIGN ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දීමේ මිල ලෙස 128GB සැකසුම සහිත දුරකතනය රු. 38,990/-කට සහ 256GB සැකසුම සහිත දුරකතනය රු. 43,990/-කට දැන් මිලදී ගත හැක.ZTE Blade A73 මාදිලිය රු. 34,990/-කට මිලදී ගත හැකි අතර ZTE Nubia Neo 5G දුරකතනය Gaming සඳහා වැඩි කැමත්තක් දක්වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද්දකි.

උත්සව සභාව අමතමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මහේෂ් විජේවර්ධන පැවසුවේ “ZTE නවතම ස්මාර්ට් දුරකතන පෙළ ශ්‍රී ලාංකික වෙළඳ පොළට හොඳින්ම ගැළපෙන මිල ගණන්වලින් සහ විශේෂාංග රැසකින් හඳුන්වා දීමට ලැබීම ඉමහත් ආඩම්බරයක් බවයි. නව ZTE ස්මාර්ට්ෆෝන් දැන් සියලුම සිංගර් අලෙවි සැල්වලින් සහ බලයලත් බෙදාහරින්නන්ගෙන් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division