Home » ඉකෝ ඉන්ජිනියරින් ඔයාමඩුවේදී විවෘත වෙයි

ඉකෝ ඉන්ජිනියරින් ඔයාමඩුවේදී විවෘත වෙයි

by gayan
November 25, 2023 12:30 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුවේ දී, ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමේ නවතම පැලට් හා කැට පොහොර නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රය පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක චන්දන ලොකුහේවගේ ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංයේ හා රජයේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය.

ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගමල මල්ටිකෙමි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන අතර එම ආයතන සමූහය මඟින් දැනටමත් ජෛව පොහොර හා මිශ්‍ර රසායනික පොහොර නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු කරගෙන යනු ලබයි. මෙම නවතම කර්මාන්තශාලා පරිශ්‍රය වර්ග අඩි 25,000කින් සමන්විත නවීන පහසුකම් සහිතව වාර්ෂිකව කාබනික, දෙමුහුන් සහ NPK රසායනික පෙලට් හා කැට පොහොර මෙට්‍රික් ටොන් 10,000 කට අධික නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division