Home » මහානුභාවසම්පන්න ශ්‍රී සුමන දිව්‍යරාජ ස්තෝත්‍ර

මහානුභාවසම්පන්න ශ්‍රී සුමන දිව්‍යරාජ ස්තෝත්‍ර

by thanushika
November 18, 2023 12:31 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද
ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ” ඉසිවර” පාඨක පින්වත් ඔබ වෙත මම මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ අතිඋතුම් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා පහදවා පුද සිරිත් පැවැත්වීම පිළිබඳවයි. ඒ තුළින් සෑම පවුලකම සාමකාමී බව සහ කායික මානසික සුවය ඇතිකරගෙන ආධ්‍යාත්මික වශයෙන් අපමණ ශක්තියක් ළඟා කර ගත හැකිය.

ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා තථාගත බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු එසේම බුදුරජාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කළ එකම දිව්‍යරාජයාණන්ය. ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයාණන්ගේ ඉල්ලීම මත සමන්තකූට පර්වතය මස්තකයෙහි භාග්‍යවතුන් වහන්සේගේ සිය පා සටහන් තබා පන්දහසක් කල් මෙම ලංකා පොළොව මත සම්බුදු බලය බලගැන්වීය. ලක්ෂ ගණනින් සැදැහැවතුන් පන්දහසක් කල් සිරිපා පද්මය වන්දනා කරන සෑම මොහොතකම එම කුසල් අනුමෝදන් වන ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයාණන් අපමණ දිව්‍ය තේජානු භාවයට පත්වන්නේය.

සුමන සමන් දිව්‍යරාජයාණන් පහදවාගෙන තම නිවසේ වතාවත් කර පින් අනුමෝදන් කිරීමෙන් ආශ්චර්යවත් ප්‍රතිඵල ලබාගත හැකිය. විහාරස්ථානයක හෝ නිවසක මෙම සරල වතාවත පවත්වා පින් අනුමෝදන් කිරීම තුළ තම තමන්ගේ ආධ්‍යාත්මික බව දියුණු වේ. ජීවිතය නොමඟට යා නොදී යහමඟට පත් වේ. දුසිරිත්, දුරාචාර, විෂ මත්ද්‍රව්‍ය, සූදුව, සුරාව වැනි දේට ඇබ්බැහි වූ පිරිස එම විපත්වලින් මුදා ගැනීමට මෙම උතුම් ආශිර්වාදය අපමණ උපකාර වේ.

ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයාණන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් පලයට පත් ආර්ය ශ්‍රාවක දෙවි කෙනෙකි. සෝවාන් පලයට පත් උතුමන් අකුසලයෙන් සදාකල් මිදෙන අතර කිසි කලෙක සතර අපායට නොවැටේ. අපගේ ආධ්‍යාත්මිකභාවය සහ මානසික සහනය මෙන්ම ගෙවල් දොරවල්වල සහ පවුල්වල ආයතනය තුළද ඇති අසමගිය – විනාශකාරී බව සහ අසාමාන්‍ය ඇබ්බැහි වීම් දුරලා අපමණ රැකවරණයක් මෙම පුදසිරිත් පවත්වාගෙන යාම තුළ ඔබට ළඟා කර ගත හැක.

ඔබ යම් විනාශකාරී ඇබ්බැහි වීමට පත්ව ඇත්නම් එම ඇබ්බැහි වීම වළකා ඉතා සාර්ථක අයකු බවට අනිවාර්යයෙන්ම පත්වේ. තම දරුවන්ගේ එවැනි ගති පැවතුම් පිළිබඳව අපමණ දුක් විඳින දෙමාපියන් මෙම උතුම් පිළිවෙත පවත්වා සාමකාමී දරුවන් සමඟ ඉතා පින්වත් ජීවිතයක් ළඟා කර ගැනීමට කටයුතු කරන්න.

නිවසේ හෝ ආයතනය තුළ බුදු පහන හෝ වෙනත් වතාවත් කරන ස්ථානයක් තිබේ නම් එම ස්ථානය සුදුසු වන අතර එසේ නොතිබේ නම් සුදුසු ස්ථානයක සුමන සමන් දෙවුරදුන්ගේ පින්තූරක් තබා උදෑසන 6ට පමණ මෙම වතාවත් පවත්වා ගන්න. දෙව්රදුන් වෙනුවෙන් පහනක් දල්වා සුදු වන මල් පුදා වීදුරුවකට හෝ සුදුසු භාජනයක එළකිරි බඳුනක් පූජා කර ගන්න. මේ සඳහා වෙළෙඳපොළේ ඇති ‘නැවුම් කිරි‘ සුදුසුය. දින කීපයක් පූජා කර ගත හැකි පරිදි ශීතකරණයක තබා ගැනීම කිසිම වරදක් නොවේ. ඔබට මෙම පූජාව ඉතා සරල දෙයකි.

ඉන් අනතුරුව පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර හැකි නම් කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර ශ්‍රී සුමන සමන් දෙවි රදුන්ට පින් දී මෙහි සඳහන් දේව දැහැන එක් වරක් කියවා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. හැකි නම් දිනපතා හෝ එසේ නොමැති නම් සෙනසුරාදා, බදාදා දෙදින තුළ මෙම ආශිර්වාද පූජාව සිදු කර ගන්න.

අන් අයට සෙත් පැතීමේදී “මේ” යන්න වෙනුවට “තේ” කියා යොදාගන්න. කරුණා මෛත්‍රියේ මූර්තියක් බඳු ශ්‍රී සුමන සමන් දෙවි පිහිට ලැබේවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division