Home » කන්‍යා ලග්න හිමියන්ගේ අලුත් රැකියා බලාපොරොත්තු ලබන වසරේ ඉටු වෙනවාමයි

කන්‍යා ලග්න හිමියන්ගේ අලුත් රැකියා බලාපොරොත්තු ලබන වසරේ ඉටු වෙනවාමයි

by thanushika
November 18, 2023 12:30 am 0 comment

මෙවර බලාපොරොත්තු වන්නේ ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. සාමාන්‍යයෙන් ‘කන්‍යා’ ලග්න හිමියන්ට පෙනුමට වඩා ළාබාල පෙනුමක් ඇති අතර ඔවුන්ට අධ්‍යාපන, සන්නිවේදන යන ක්ෂේත්‍රවලින් ඉදිරියට යාම සඳහා විශේෂ භාග්‍යයක් ඇත. සාමාන්‍යයෙන් සිදු වන දේ පිළිබඳව සහ ඉදිරියේදී සිදු විය හැකි යැයි සිතෙන දෙය කෙරෙහි හොඳ ඉවක් ඇති ‘කන්‍යා’ ලග්න හිමියන් සහජ ඥානයකින් යුතු අය වෙති.

‘කන්‍යා’ ලග්න හිමියන් සාමාන්‍යයෙන් සාපේක්ෂ ලෙස නීරෝගි අයය. කෙසේ වෙතත් අසනීපයක් නොමැති වුවද සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ‘කන්‍යා’ ලග්න හිමියන් විවිධ ඖෂධ ආදිය භාවිත කිරීමට පෙලඹෙන බව පෙනේ. ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ විශේෂත්වය වන්නේ ආහාර ගැනීම නිසා සිරුර අසාමාන්‍ය ලෙස පෘෂ්ටිමත් නොවීම මීට අමතර ලෙස සාමාන්‍යයෙන් ‘කන්‍යා’ ලග්න හිමියන් උපහාසයට, හාස්‍යයට කැමැත්තක් දක්වන බව පෙනේ. ‘කන්‍යා’ ලග්න හිමියන් රහසිගත සැලසුම් සඳහා සුවිශේෂි දක්ෂතාවක් දක්වන බව පෙනේ.

ඉදිරි කාලසීමාව සලකද්දී සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව ‘කන්‍යා’ ලග්න හිමියන්ට 2024 වසරෙහි ජුනි 1 වනදාත්, 2024 වසරෙහි ජූලි 12 වනදාත් අතර කාලසීමාව බෙහෙවින් තීරණාත්මක වන බව පෙනේ. විශේෂයෙන් 2024 වසරෙහි ජුනි 1 වනදාත් 2024 වසරෙහි ජූලි 12 වනදාත් අතර කාලසීමාව තුළ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදු වීමක් පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස ඉහත කාලසීමාව තුළ ඔවුන්ගේ අභ්‍යන්තර මානසික තත්ත්වය ආශ්‍රිතව ප්‍රබල වෙනස්කම් පෙන්නුම් කරන අතර දෙගිඩියාව රජයන බව පෙනේ.

මීට අමතර ලෙස 2024 වසරෙහි ජුනි 1 වනදාත් 2024 වසරෙහි ජූලි 12 වනදාත් අතර කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ රැකියාවේ රාජකාරි ලැයිස්තුවල වෙනස් වීම් පෙන්නුම් කෙරේ. එනම් ඉහත කී කාලසීමාව තුළ ඔවුන්ගේ රැකියාව කරන ගොඩනැඟිල්ල හෝ රැකියාව කරන කාර්ය මණ්ඩලය හෝ මාරු වීමට පවා ඉඩකඩ ඇත. නොඑසේ නම් රැකියාව කරන කාමරය වෙනස් වීමට ඉඩ ඇත. එමෙන්ම ඉහත කාල සීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන් රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන්නේ නම් ඒවා යම් මට්ටමකට හෝ ඉටු කර ගැනීමට ඔවුන්ට භාග්‍යය උදා වනු ඇත. එසේම ‘කන්‍යා’ ලග්න හිමියන් අලුත් රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් 2024 වසරෙහි ජුනි 1 වනදාත් 2024 වසරෙහි ජූලි 12 වනදාත් අතර කාලසීමාව තුළ එම බලාපොරොත්තු ඉටු වීමට ඉඩ ඇත.

ඉදිරි කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ට වඩාත්ම තීරණාත්මක වන්නේ 2027වසරෙහි ජුනි 9 වනදාත්, 2027 වසරෙහි ඔක්තෝබර් 5 වනදාත් අතර කාලසීමාව සහ 2028 වසරෙහි පෙබරවාරි 28 වනදාත් 2030 වසරෙහි අප්‍රේල් 19 වනදාත් අතර කාලසීමාවය. එම කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ රැකියාව වෙනස් වීමට හෝ රැකියාව උසස් වීමට ඉඩ ඇත. විශේෂයෙන් ඉහත කී කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ විදෙස් ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ද භාග්‍යය උදා වනු ඇත. කෙසේ වෙතත් ඉහත කී කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ට පීඩාකාරී හැඟීම් ඇති වන්නට ඉඩකඩ පවතින බව පෙනේ.

එනම් ඉහත කී කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන්ගේ සිතෙහි පැවති විශේෂ ඉලක්කයක් ඉටු කර ගැනීමට හැකි වුවද එම ඉලක්කය සපුරා ගැනීමට අදාළ පූර්ණ සතුට නොලැබෙනු ඇත. එමෙන්ම ඉහත කී කාලසීමාව තුළ ‘කන්‍යා’ ලග්න හිමියන් අනතුරු පිළිබඳවද, අසනීප පිළිබඳවද, රැවටිලිවලට හසු වීම පිළිබඳවද, සොර සතුරු උපද්‍රව පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය.

විශේෂයෙන් ‘කන්‍යා’ ලග්න හිමියන්ට 2038 වසරෙහි ඔක්තෝබර් 26 වනදාත්, 2039 වසරෙහි මාර්තු 31 වනදාත් අතර කාලසීමාව තුළද, 2039 වසරෙහි ජූලි 14 වනදාත්, 2041 වසරෙහි සැප්තැම්බර් 27 වනදාත් අතර කාල සීමාව තුළද ඉහත කී ප්‍රතිඵල අඩු වැඩි වශයෙන් ලැබිය හැකි බව පෙනේ. එම නිසා ඔවුන් එම කාලවකවානුව තුළද අසනීප පිළිබඳවද, අනතුරු පිළිබඳවද, රැවටිලිවලට හසු වීම පිළිබඳවද, සොර සතුරු උපද්‍රව පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division