Home » ‘Tantalize 2023‘ අවසන් මහ තරඟය නොවැම්බර් 17දා

‘Tantalize 2023‘ අවසන් මහ තරඟය නොවැම්බර් 17දා

by gayan
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ (APIIT) ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමාජය විසින් 13 වැනි වරටත් සංවිධානය කරන දිවයිනේ විශාලතම අන්තර් විශ්වවිද්‍යාල කුසලතා ප්‍රදර්ශනය වන ‘Tantalize 2023‘ අවසන් මහ තරගය නොවැම්බර් 17 වැනිදා සවස 6:30 ට නෙළුම් පොකුණ ගෘහස්ථ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

Tantalize දිගු කලක් තිස්සේ ශ්‍රී ලාංකීය උපාධි අපේක්ෂකයින්ගේ දක්ෂතා ඉස්මතු කිරීමට වේදිකාව සපයයි. මෙවර උත්සවයට ගායන, වාදන, නර්තන සහ තූර්ය වාදක සංදර්ශන ආදී විවිධ කාණ්ඩ යටතේ තරඟ වදින රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 09කින් විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයින් ඇතුළත් වේ. අවසන් මහ තරගයේදී, භාතිය සහ සන්තුෂ්, ලහිරු පෙරේරා, දිනේෂ් ගමගේ, Kaizer Kaiz ඇතුළු කීර්තිමත් කලාකරුවන්ගේ ප්‍රසංග සහ සරිත් සුරිත් සහ නිවුස්ගේ සංගීත මෝස්තර ඇතුළත් වේ. ගාල්ල හරුමල්ගොඩ බටහිර ප්‍රාථමික විද්‍යාලයට සනීපාරක්ෂක පහසුකම් සැලසීමට මෙම උත්සවයෙන් කටයුතු යොමු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division