Home » මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට DIMO ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක්

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට DIMO ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක්

by gayan
November 18, 2023 12:30 am 0 comment

DIMO Agribusinesses දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලයේ සංවිධානය කරන DIMO කෙයා කෑම්ප් ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා සාර්ථකව අවසන් විය. මෙම වැඩසටහන දින 12ක් මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ අතර මෙම සෑම දිස්ත්‍රික්කයකම චෙන්කලාඩි, උහන, සෙවණපිටිය, ගල්නෑව, ඉබ්බාගමුව සහ ගලෙන්බිඳුණුවැව යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය.

කෘෂි යන්ත්‍රෝපකරණ නිසි නඩත්තු සේවා සඳහා යොමු කිරීමෙන් කාර්යක්ෂමව වගා කටයුතු කිරීමට සහයෝගය ලබා දීමේ අරමුණින් DIMO වෙතින් මෙම වැඩසටහන දියත් කරන ලදී. ට්‍රැක්ටර් රථ නොමිලේ පරීක්ෂාව, අමතර කොටස් සඳහා විශේෂ වට්ටම්, නොමිලේ අක්ෂි සායනය ඇතුළු FM දෙරණ සමඟ එක්ව විශේෂ ක්‍රියාකාරකම් රැසක්ද එහිදි සංවිධානය වී තිබිණි. “DIMO කෙයා කෑම්ප්“ ශ්‍රී ලංකාව තුළ පැවැත් වූ ප්‍රථම සියලුම ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා විවෘත වූ සේවා වැඩසටහනක් ලෙස ඉතිහාසගත වන අතර ගොවි ප්‍රජාවගේ ඉහළ ප්‍රතිචාර මත DIMO Agribusinesses මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division