Home » Colombo Motor Show නිල මෝටර් රථ සහකරු Hyundai Abans

Colombo Motor Show නිල මෝටර් රථ සහකරු Hyundai Abans

by gayan
November 18, 2023 12:30 am 0 comment

2023 Colombo Motor Show හි නිල මෝටර් රථ සහකරු වශයෙන් Hyundai Abans පත්ව සිටියි. රට පුරා විසිරී සිටින මෝටර් රථ ලෝලීන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයන් එකට එක් වන ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයක් වන ‘Colombo Motor Show‘ නොවැම්බර් 17 සිට 19 දක්වා කොළඹ BMICH හීදී පැවැත්වෙයි. පසුගිය වසරේ පැවති ප්‍රදර්ශනය සඳහා ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයින් මෙන්ම 70,000කට අධික පිරිසක් සහභාගී විය. මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද සුවිශේෂී නිෂ්පාදනයක් වන Hyundai Grand i10 මෝටර් රථය සමීපව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

Hyundai ලොව 3 වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වශයෙන් සැලකෙන අතර එහි ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ Abans Auto සමාගමය. Abans Auto සමාගම සහ Hyundai මෝටර් සමාගම අතර ඇති වූ සහයෝගීතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ එකලස් කිරීමේ කටයුතු පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ද සමත්ව සිටියි.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division