Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
November 11, 2023 12:30 am 0 comment

මේෂ – ව්‍යාපාර ලාභ

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. වෙළෙඳ, ව්‍යාපාරවලට සුබපල ඇතිකරන මුත් කොටස්කාර අය සමඟ චංචල බවක් ඇති කරයි. ගෘහ ජීවිතය තුළ සාමකාමී වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයයි. දුරගමන් බිමන් යෙදේ. විශේෂයෙන් රැකියා සඳහා ඇවිදිලි වැඩි කරයි. මරණයක් හෝ කනගාටුදායක පුවතක් සැලවිය හැක. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කරන්න.

සුබ අංක – 7, 11, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – ගෘහ ජීවිතය සතුටින් ගෙවයි

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. ව්‍යාපාර ලාභ සහ ස්ත්‍රී පක්ෂයේ උදව් උපකාර හිමිකර දෙයි. සමාජසේවා පොදු වැඩ පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයයි. ගෘහ ජීවිතය සතුටින් ගත කරන දරුවන්ගේ කටයුතු සපල වන සතියකි. අපල, අසනීප ගති පෙන්වයි. අපල අවම වීමට කඨින පින්කම්වලට උපකාරී වන්න.

සුබ අංක – 6, 11, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – දරුවන්ගේ ඉගෙනීම සාර්ථක වේ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු, ඉගෙනීම සාර්ථක වන සතියකි. ව්‍යාපාර කටයුතු, සමාජ සේවා පොදු වැඩවලට නැඹුරුවේ. සතිය අවසානයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට හැකි අතර තමාට ද සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගැනීම වැදගත් වේ. අපල අවම වීමට කුඩා දරුවනට උදව් උපකාර කරන්න.

සුබ අංක – 5, 11, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – ව්‍යාපාරික ලාභ

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු වෙනුවෙන් කැපකිරීම් වැඩිවේ. දරුවන්ගේ ඉගෙනුම් සහ යහපත් බලාපොරොත්තුවලින් සෑහීමකට පත්වේ. මවුපිය ඥාතීන්ගේ හෝ මවගේ උදවු ලැබේ. සාමාජීය පිළිගැනීම්වලට ලක්වන ව්‍යාපාරික අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිවන සතියකි. අසනීප අපල පවතී. අපල අවම කර ගැනීමට දරුවෙකු ලැබෙන්න සිටින මවකට ආහාර වේලක් දෙන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ – සහෝදර බැඳීම් වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර මා පිය දූ දරු සබඳතා වර්ධනය වේ. සහජ දක්ෂතාවයන්ට ඉඩකඩ සැලසේ. නිවෙස් අලංකරණ කටයුතු සඳහා වෙහෙසවෙයි. දරුවන්ගේ අධ්‍යාපනයට සුබ කලදසාවක්. ආදරය විවාහය ප්‍රේමණීය සබඳතා පල දරයි. අපල අවම වීමට පිළිකා රෝගීනට උදවු කරන්න.

සුබ අංක – 4, 11, සුබ වර්ණය – රතු, සුබ දවස – ඉරිදා

තුලා – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට ලක්වෙන සාමාජීය හා පොදු කටයුතුවලට යොමුවන සතියකි. අතමිට මුදලක් හිඟ නොවී ආර්ථිකය, ශක්තිත්ව පවත්වා ගත හැක. පවුලේ සාමාජිකයන් අතර බැඳීම් තරවේ. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න. ශ්‍රවණය කරන්න.

සුබ අංක – 6, 11, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සිකුරාදා

 

වෘශ්චික – ස්වයංරැකියාවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය ගැටලු ඇති කරයි. ඉන්පසු තත්වය අයහපත් නොවේ. ප්‍රසිද්ධිය හිමිවන කටයුතුවලට ආරාධනා ලැබිය හැක. සහජ දක්ෂතා ස්වයංරැකියා ආදිය තුළින් මිල මුදල් උපයයි. අධ්‍යාපනයට දක්ෂතා ඇති කරයි. අපල අවම වීමට ශල්‍යකර්ම වලට බඳුන් වූ අයට උදව් කරන්න.

සුබ අංක – 7, 11, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

ධනු – දුර ගමන් බිමන් යෙදේ

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය දෙවැන්න යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතයි. ඉන්පසු ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. එහෙත් සිත් රිදීම් කලකිරීම් හෝ පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. දුර ගමන් යෙදීමට පුළුවන. කතාබහට අන්‍යයන්ගේ අවධානය ඇති කරයි. අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුලා දමා බෝධියට පැන් කලයක් දමන්න.

සුබ අංක – 9,11, සුබ වර්ණය – කහ, සුබ දවස් – බදාදා, ඉරිදා

මකර – රැකියා අංශවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවන අතර ඒ සඳහා ඇවිදිලි වැඩිවේ. ලැබෙන්නට තිබූ මුදලක් හෝ වෙනත් ලාභයක් ලැබීමේ භාග්‍ය පෙන්වයි. ප්‍රසිද්ධිය කීර්තිය ප්‍රශංසා හිමිකර දෙන සතියකි. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. පාඩුවක් හෝ සිත් රිදීමක් ඇතිවිය හැක. අපල අවම වීමට සෑම උදයකම බුදුන් වඳින්න.

සුබ අංක – 9, 11, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – පුණ්‍ය කටයුතු පල දරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය වාසනාවන්තය. රැකියා හා ව්‍යාපාරවලින් සුබපල අත්කර දෙයි. ආර්ථිකය ශක්තිමත්ය. ලාභ ප්‍රයෝජන උදව් උපකාර ඇසුරු කරන ඥාති හිතවත් සියල්ලන්ගෙන් ලැබිය හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය ඇතිවේ. පාඩුවක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.

සුබ අංකය – 11, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – ගෘහ ජිවිතය යහපත් වේ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවතක් සැලවිය හැකිය. ගැටලු මතු කරයි. ඉන්පසුව ගෘහ ජීවිතය හොඳින් ගෙවිය හැකි වාතාවරණයක් ද පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය ද ඇතිවේ. රැකියා, ව්‍යාපාර ලාභ ඇති කරයි. අපල අසනීප දක්නට ඇත. අපල අවම වීමට ස්වාමීන් වහන්සේලාට කැඳ පිළිගන්වන්න.

සුබ අංක – 9, 11, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division