Home » ගුරු ග්‍රහයාගේ සුබ සංයෝග

ගුරු ග්‍රහයාගේ සුබ සංයෝග

by thanushika
November 11, 2023 12:30 am 0 comment

ගුරු ග්‍රහයා සූර්යයාට පමණක් කුඩා වේ. ප්‍රමාණයට වඩා මැදින් පිටට නෙරා තිබේ. සෑම දෙයක්ම පතුරුවන විශාල ග්‍රහයා ගුරුය. පුරාණයේ සිට ගුරු ග්‍රහයා ගුරු මෙන් සලකයි. බුද්ධියට අධිපති වේ. හොඳ නරක තෝරා දීම, කරුණාව, අනුකම්පාව, ඥාන ශක්තිය අනුන්ට උදවු කිරීමට යනාදී ගුණයන් ගුරු ග්‍රහයාට ඇත.

ග්‍රහ මණ්ඩලයේ උපදේශක, පුරෝහිත ලෙස හඳුන්වන ගුරු ග්‍රහයා පුනාවස, විසා, පුවපුටුප යන නක්ෂත්‍රයන්ට ද ධනු, මීන යන රාශීන්ට ද අධිපති වේ. මිනිස් සිරුරේ මොළය, රුධිරය, දකුණු කන, කලවා, වකුගඩු, මේදය ගුරු විසින් නියෝජනය කරයි. ගුරු බලවත් වූ විට මහත ශරීර ඇත්තන් උපදින බවත් සෑම දෙයක්ම පතුරුවන විශාල කරන ග්‍රහයා ගුරු බවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සඳහන් වේ. මනුෂ්‍යයාගේ වැඩි දියුණුවට උසස් වීමට වුවමනා කරන සියලු යහපත් දේට ගුරු බලවත් වෙයි.

ගුරු බලවත් වූ විට දිගටි ඇස්, ප්‍රිය උපදවන කුළුපග ගතිය, සෞම්‍ය ගතිය, පතළ ඥානය, යුක්තිසහගත බව, සාමාන්‍ය දැනීම, කලබල නොවීම, දියුණු ගතිගුණ, ආගමට නැඹුරු වීම, නිවැරදි තීන්දු, පිරිසිදු සිත ආදිය ප්‍රදානය කරයි. ගුරු දුර්වල වූ විට අහංකාර, ගුණධර්ම නොදත්, බුද්ධිය අඩු, වැරදි තීරණ ගන්නා අයෙක් වේ. ගුරු නරක් වීමෙන් ඕනෑවට වඩා ශරීරය මහත් වීම, ලේ විෂ වීම, මොළේ තද වීම, විදුරුමස් දිය වීම සිදු වේ.

ලග්නයට දිග්බල දිවා කාලයේ බලවත් වන ගුරු ධන සහ පුත්‍රකාරක පුරුෂ ග්‍රහයෙකි. ආකාස භූතය හා සත්ත්ව ගති ඇති ගුරු සුර ගුරු, දේව ගුරු නම්වලින් ද හඳුන්වයි. ගුරුට අධිපති වෘක්ෂය බෝ වන අතර මැණික් පුෂ්පරාග වේ. ගුරු ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැතිනම් සංයෝග වූ විට ජන්මියාට ලැබෙන ශුභ අශුභ මෙසේය.

ගුරු රවි සංයෝගයෙන් උපන් අය ඉතා යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුත් හොඳ නුවණක් ඇති ප්‍රසිද්ධිය සහ ගෞරවයෙන් ද යුක්ත කෙනෙකි. ධනයෙන් ද දියුණු වේ. නරක ස්ථානයක දුර්වල වූ විට හොඳ දියුණු මිනිසුන් විය නොහැක.

ගුරු සඳු සංයෝගය හොඳ පිහිටීමක් වේ. යහපත් නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් උපයාගත හැකි වේ. නරකට සිටි විට ඒ ස්ථානය සම්බන්ධ දේ නාස්ති කරයි. වියදම් වැඩි වේ. ව්‍යාපාරවලින් පාඩු ලැබීමට ද සිදු වේ.

ගුරු කුජ සංයෝගය යහපත් ස්ථානයක පිහිටියේ නම් යහපත් වේ. කිසිවකට පසු නොබසින ඉදිරියටම යන නිදහස් මතධාරියෙකි. අන්‍යයන් තමාගේ පැත්තට වසඟ කරගත හැකි කෙනෙක් වේ. නරකට සිටියහොත් නාස්තිකාරයෙක් ද වේ. මුදල් අතින් අමාරු වේ. මෙම සංයෝගය හොඳ වුවහොත් සුබපල ද නරක් වුවහොත් නරකම පිහිටීමකි.

ගුරු බුධ සංයෝග වූ විට සෑම දෙයක්ම ඉගෙනීමට ආශා කරයි. විපුල ඥානයක් ඇත්තෙක් වෙයි. අපක්ෂපාතී වේ. ඉවසීම ඇති ජන්මියෙක් වේ. කරන සෑම දෙයකින්ම වාසි ලැබීමේ වාසනාව තිබේ. පිටරට දීර්ඝ ගමන් යාමට සුබ පිහිටීමකි. වාසනාවන්ත වේ. මේ සංයෝගය නරකට සිටි විට හිතේ කරදර ඇති වේ. මිල මුදල් හානි වන දේවලට මුහුණපාන්නට සිදු වේ.

ගුරු සිකුරු සංයෝග වූ විට හතුරු වුවත් යහපත් වේ. ඉඩකඩම් ගෙවල් දොරවල් ලැබේ. නෑදෑයන්ගෙන් උදවු ලැබේ. ජීවිතයේ සියලු පල භුක්ති විඳීමට සිදු වේ.

වාසනාවන්ත වේ. නරකට සිටියහොත් අධික වියදම් දැරීමට සිදු වේ. කරදරවලට මුහුණපෑමට සිදු වේ.

ගුරු ශනි එක්වූ විට ඉතා වාසනාවන්ත වේ. බලවත් වේ. වස්තුව ගලා එයි. මහන්සියෙන් උපයනවාට වඩා අනුන්ගෙන් නිරායාසයෙන් මුදල් ලැබේ. ස්ථිර ව්‍යාපාරවල යෙදේ. නරකට සිටියහොත් ලැබෙන්නට තිබෙන දේ නොලැබේ. අතේ තිබෙන දේ ද වියදම් වේ.

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division