පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැති 2023 IESL Techno ප්‍රදර්ශනයේ දී ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සැපයූවේ SLT-MOBITEL විසිනි. ‘Engineering for Regaining the Economy’ යන තේමාව ඔස්සේ ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනයේදී ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන්, ඉංජිනේරුවන් හා නවෝත්පාදකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව නවීන තාක්ෂණය පිළිබඳ දැනුම හා අදහස් හුවමාරු කර ගනියි.
මෙරට දුරකතන සන්නිවේදන සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLT-MOBITEL ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් එය නැරඹීමට පැමිණි පිරිස වෙනුවෙන් අද්විතීය සේවා රැසක් සැපයීමට SLT-MOBITEL කටයුතු සංවිධානයකර තිබුණි. සැපයුම්කරුවන්, විවිධ ආයතන හා සංවිධානවල නියෝජිතයන්, ජාතික තලයේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ තිබේ.