Home » DIMO සමූහයට රන් සම්මානයක්

DIMO සමූහයට රන් සම්මානයක්

by gayan
November 11, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද CMA Excellence in Integrated Reporting 2023 සම්මාන උළෙලේ දී සමස්ත රන් සම්මානයේ සම ජයග්‍රාහකයකු ලෙස පිදුම් ලැබීය.

9 වැනි වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මාන උලෙළේදී ප්‍රධාන සම්මානයට අමතරව, ‘හොඳම ඒකාබද්ධ වාර්ෂික වාර්තා දහය’, ‘හොඳම සංක්ෂිප්ත වාර්ෂික වාර්තාව සඳහා වූ විශේෂ සම්මානය’සහ ‘හොඳම ඒකාබද්ධ චින්තනය සඳහා වූ විශේෂ සම්මානය’ යන ත්‍රිත්වය දිනා ගැනීමට ද DIMO සමත් විය. එහි සභාපති රංජිත් පණ්ඩිතගේ ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ. මෙම සම්මානය, සමාගම විසින් අනුගමනය කරනු ලබන මූල්‍ය වාර්තාකරණය පිළිබඳ උසස් ප්‍රමිතීන් පමණක් නොව ආයතනයේ පාරිසරික, සමාජීය සහ ආයතනික පරිපාලන ප්‍රගතීන් ද මනාව පිළිබිඹු කෙරෙන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division