Home » එයිට්කන් ස්පෙන්ස් සමාගම එම්.වී. අයිඩා බෙලා සාදරයෙන් පිළිගනී

එයිට්කන් ස්පෙන්ස් සමාගම එම්.වී. අයිඩා බෙලා සාදරයෙන් පිළිගනී

by gayan
November 11, 2023 6:00 am 0 comment

ජර්මනියේ ‘අයිඩා’ යාත්‍රා සමාගම විසින් මෙහෙයවනු ලබන අධි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘එම්. වී. අයිඩා බෙලා’යාත්‍රාව විවේකය සහ විනෝදය සඳහා ගමන් ගන්නා මගීන් 1900ක් සමග කාර්ය මණ්ඩලයේ 730 දෙනකු කැටිව ඉකුත් නොවැම්බර් 09 වැනිදා කොළඹ වරායට සේන්දු විය. එහිදි එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගම විසින් ඔවුන්ව මහත් හරසරින් පිළිගන්නා ලදි. තට්ටු 13කින්, කාමර 1025 කින්, අවන්හල් 12ක්, විවේකාගාර 3ක් හා පිහිනුම් තටාක 8කින් සමන්විත මෙම අයිඩා බෙලා නෞකාවේ එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 2500කි.

එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ තවත් අනුබද්ධ සමාගමකි. ‘එම්. වී. අයිඩා බෙලා’ යාත්‍රාවේ ශ්‍රී ලාංකේය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ ද එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගමයි. මෙවන් ආකාරයේ දැවැන්ත මගී නෞකාවන්ට පහසුකම් සපයමින්, ඉදිරි මාස කිහිපයේදී තව තවත් දැවැන්ත මගී නෞකා කොළඹට කැඳවීම, එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගමේ උත්සාහයයි.

එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගම, අන්තර්ජාතික සංචාරක කර්මාන්තයේ නියැලි අධි සුඛෝපභෝගී නැව් සමාගම්වලට මෙන්ම මගී නෞකා ක්‍රියාත්මක කරන්නන්ටත් සියලු පහසුකම් සපයමින්, අඛණ්ඩ සේවාවක් ලබා දෙනු ඇත. එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වඩ වඩාත් දියුණුවට පත් කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division