Home » නීරෝගි බව රකින්න Enchanteur Heart to Heart සමඟ

නීරෝගි බව රකින්න Enchanteur Heart to Heart සමඟ

by gayan
November 11, 2023 12:30 am 0 comment

ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur පසුගිය දා හදවත් රෝගින්ගේ සුබසාධනය උදෙසා කටයුතු කරන පුණ්‍යාධාර අරමුදලක් වන Heart to Heart සමඟ අත්වැල් බැඳ ගත්තේය. අලෙවි වන සැම Enchanteur නිෂ්පාදනයකින්ම යම් කිසි මුදලක් හදවත් රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන් මාසිකව Heart to Heart අරමුදලට බැර වෙන ආකාරයෙන් මෙම සහයෝගීතාව සැළැසුම් කර ඇත.

මෙම සහායෝගීතාව වඩාත් නීරෝගි සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් සතු කැපවීම පුළුල් කිරීමක් බව Enchanteur හී කළමනාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක සඳහන් කරයි. Enchanteur හී පුළුල් පරාසයක විහිඳුණු නිෂ්පාදන මෙරට අලෙවිය සහ බෙදා හරින්නේ UTN Trading පෞද්ගලික සමාගම විසිනි. එම සමාගම තවත් එවැනි නිෂ්පාදන ගණනාවක ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division