සිංගර් ශ්‍රී ලංකා සමාගම, තායිවානයේ දී නිෂ්පාදන කටයුතු ඇරැඹු ලෝ ප්‍රකට තොරතුරු තාක්ෂණ සන්නාමයක් වන ACER මෙරට බලය ලත් අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කිරීම අරඹා ඇත.
ගෘහාශ්‍රිත නිෂ්පාදන ගෙන්වා බෙදාහරින සමාගමක් ලෙස දේශීය වෙළඳපොළ තුළ පෙරමුණ ගනිමින් සිය පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා විශ්වසනීය තාක්ෂණික විසඳුම් ලබා දීමට කැප වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පාරිභෝගික ජනතාව පත් ව ඇති අපහසුතා පිළිබඳ ව අවධානය යොමු කරමින්, සිය නිෂ්පාදන දැරිය හැකි මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු කරන සිංගර් සමාගම, ACER ලැප්ටොප් ද පහසු මිල ගණන් යටතේ ලබා දීමට පියවර ගෙන ඇත. ACER ලැප්ටොප් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමෙන් විශ්වසනීය සහ නවීන තාක්ෂණයෙන් (13th Generation Processor) යුත් නිෂ්පාදන අපේක්ෂා කරන පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අරමුණයි. මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා පැවසුවේ, “අප ගෙන්වා බෙදා හරින පෞද්ගලික පරිගණක සහ ලැප්ටොප් නිෂ්පාදන කලඹට ගෝලීය වශයෙන් කීර්තිමත් ACER සන්නාමය එක් වීම ඉතා සතුට කරුණක්“ බවයි.