Home » එපික් ලංකා සමාගමෙන් නව නිපැයුම් විස්සක්

එපික් ලංකා සමාගමෙන් නව නිපැයුම් විස්සක්

by gayan
November 11, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛ සමාගමක් වන එපික් ලංකා සමාගම සිය 25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. 1998 දී ඇරැඹි එපික් ටෙක්නොලොජි සමූහය, දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බැංකු, මූල්‍ය සේවා සහ රාජ්‍ය අංශ වෙත නවීන තාක්‍ෂණය හඳුන්වා දීම වෙනුවෙන් සම්මානලාභී, කලාපීය වශයෙන් ප්‍රමුඛතම තාක්‍ෂණික සමාගමකි. මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ව ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීම සනාථ කරමින් මෙවර Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවේ හොඳම ICT විසඳුම් සපයන්නා ලෙස ද රන් සම්මානය හිමි කර ගත්තේය.

ෆින්ටෙක් තොරතුරු පද්ධති ආරක්ෂාව, ආයතනික ඩිජිටල්කරණය, ජංගම දුරකතන යෙදුම් (Mobile App), විද්යුත් ගෙවීම් යෙදුම් (E- Payment App) සංවර්ධනය, ඊ-රාජ්‍ය විසඳුම් (E Government Solutions) සහ ලේඛන කළමනාකරණ පද්ධති පිළිබඳ විශේෂඥතාවක් ඇති එම සමාගම මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් ලබා දීමට කැප වෙමින් (intellectual property) 20කින් සමන්විත IPs පද්ධති සිය විශිෂ්ට නිෂ්පාදන කලඹ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සන්නාම සමඟ අත්වැල් බැඳ ගනිමින් විදේශ වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත්ව ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමට සමත් වී ඇත.

එපික් ලංකා සමාගමේ නිර්මාතෘ සහ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම අදහස් දක්වමින් කියා සිටියේ, ඩිජිටල් පරිවර්තනය සහ දැඩි කැප වීමෙන් කටයුතු කරන ඔවුන්ගේ අති දක්ෂ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණයට ඉවහල් වුණු බවයි. එපික් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් මුදලිගේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “උසස් තාක්‍ෂණයෙන් සමන්විත අපගේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව්‍යකරණ සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ගෝලීය පැවැත්ම පුළුල් කිරීමට සහ ආසියාවෙන් පරිබාහිර වෙළෙඳපොළ වෙත විශිෂ්ට විසඳුම් හඳුන්වා දීමට කැපවෙන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division