Home » ආචාර්ය ජයන්ත ධර්මදාස COVID -19 Resilience සම්මානයෙන් පිදුම් ලබයි

ආචාර්ය ජයන්ත ධර්මදාස COVID -19 Resilience සම්මානයෙන් පිදුම් ලබයි

by gayan
November 4, 2023 12:30 am 0 comment

සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස්හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස වෙත COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප්‍රදානය කර ඇත. ඒ්, COVID-19 වසංගතයට එරෙහි සටනේදී පුද්ගලයින්ගේ කැපවීම, නොපසුබට සහාය සහ දායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවනීය ඇගැයිමක් ලෙස ඉකුත් ඔක්තෝබර් 12 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේදී සිංගප්පූරුවේ අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ධර්මදාස වෙත මෙම සම්මානය පිරිනමනු ලැබිය.

මෙම ඇගැයුම පිළිබඳ අදහස් පළ කරමින් ආචාර්ය ධර්මදාස කියා සිටියේ, “අර්බුදකාරී අවස්ථාවලදී, මානව දයාව සහ එකමුතුකම පෙරටු කර ගනිමින් අපගේ වගකීමකට එහා ගිය යුතුකම් ඉටුකිරීමට නොපසුබට වන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division