Home » Coca-Cola වෙතින් මඩකලපුවට නව ව්‍යාපෘතියක්

Coca-Cola වෙතින් මඩකලපුවට නව ව්‍යාපෘතියක්

by gayan
November 4, 2023 12:30 am 0 comment

Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ්‍රී ලංකාවේ තිරසර ජල කළමනාකරණයට සහාය වෙමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් යන වැව් තුන ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 12 වන දින පළාත් පාලන නිලධාරීන්ගේ සහ ප්‍රජා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

‘’Our Actions Our Future’’ ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය 2021 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, වැව් පිළිසකර කර ඒවාට නැවත ජලය එක් රැස් කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම යන ප්‍රධාන අංශ තුන කෙරෙහි මූලික අවධානය යොමු කරයි. එම ව්‍යාපෘතිය තුළින් මඩකලපුවේ අඩු ආදායම්ලාභී පවුල් 1700කට වැඩි පිරිසකගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාවය සපුරාලයි. පවුල් 1,000 කට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීම, තෝරාගත් ප්‍රජාවන්ට කසළ එක්රැස් කිරීමේ රැකියා අවස්ථා හඳුන්වා දෙමින් කසළ කළමනාකරණ පිළිවෙත් යථාර්ථවත් කරමින් ග්‍රාමීය ජනතාවට අමතර ජීවනෝපායක් ද සලසා දෙන ලදි. Coca-Cola පදනමේ සභාපති Saadia Madsbjerg, පරිසරය සහ සමාජය වෙනුවෙන් වූ සිය කැපවීම අවධාරණය කරමින් ජලය සංරක්ෂණ ව්‍යාපෘතිට දායක වූ හවුල්කාරී ආයතන වෙත කෘතඥතාව පළ කළාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division