Home » රීඩ් මාවතේ සියවස් සැමරුමට ජනපති සහ අගමැති එක්වෙති

රීඩ් මාවතේ සියවස් සැමරුමට ජනපති සහ අගමැති එක්වෙති

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර 100ක් පිරිම නිමිත්තෙන් 27 වැනි සිකුරාදා එම විද්‍යාලයේ පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පාසල් තූර්ය වාදක කණ්ඩායම විසින් උත්සව ශාලාවට කැඳවා ගෙන ආ අවස්ථාවයි මේ. අගමැති දිනේෂ් ගුණවර්ධනයන් සහ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා ද මෙහි වෙති.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලු දෙනාගේම පොදු යහපත උදෙසා, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩ නැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එහිදී සියලු දේශපාලඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන සහ වෛද්‍ය කවින්ද ජයවර්ධන එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division