Home » CA Sri Lanka වෙතින් නව වරලත් ගණකාධිකාරීවරු 343ක්

CA Sri Lanka වෙතින් නව වරලත් ගණකාධිකාරීවරු 343ක්

by gayan
October 28, 2023 12:30 am 0 comment

ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ආයතනයක් ලෙස කීර්තියක් දිනා සිටින, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka), තවත් නව වරලත් ගණකාධිකාරීවරුන් 343ක් ආයතනික ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමට කිරීමට සමත් විය.

මෙවර CA Sri Lanka වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී, අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිම කළ සිසු සිසුවියන් 343 දෙනෙකුට සහකාර වරලත් ගණකාධිකාරී (ACA) සහතිකය පිරිනැමුණු අතර, දැනට CA Sri Lanka සාමාජිකත්වය ලබා ඇති සාමාජික සාමාජිකාවන් 340 දෙනකුට සහකාර වරලත් ගණකාධිකාරී (FCA) පිරිනැමිණි.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා ප්‍රකාශ කළේ වරලත් ගණකාධිකාරීවරයෙකු වීමට නම් තාක්ෂණික කුසලතාවන්ගෙන් ඔබ්බට ගිය කැපවීමක් අවශ්‍ය බවය. එසේම CA Sri Lanka සභාපති සංජය බණ්ඩාර පවසා සිටියේ නිරන්තරයෙන් වෙනස් වන සහ විවිධ අභියෝග හා අනපේක්ෂිත තත්ත්වයන්ගෙන් පිරුණු ලෝකයක අවංකභාවය, ආචාර ධර්ම, විනිවිදභාවය සහ වගවීම යන මූලික සංකල්ප ආරක්ෂා කළ යුතු බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division