Home » NDB වනිතාභිමානි සිවුවැනි වරටත්

NDB වනිතාභිමානි සිවුවැනි වරටත්

by gayan
October 28, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ දිරිය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් NDB බැංකුව සංවිධානය කරන ජාතික මට්ටමේ සම්මාන උ‍ෙලළක් වන ශ්‍රී ලංකා වනිතාභිමානි, අඛණ්ඩව සිවුවැනි වරටත් ආරම්භ විය.

මාස 6-7 ක කාලයක් මුළුල්ලේ විහිදෙන වනිතාභිමාන සම්මාන උලෙළ සම්මාන වැඩසටහනේ අවසානය කාන්තා දිනයට සමගාමීව උත්කර්ෂවත් ලෙස සමරනු ලබන අතර එහිදී ආර්ථික හා සමාජයීය ව්‍යුහයන් තුළ විවිධ අංශ ඔස්සේ කාන්තාවන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණයන් අගයනු ලැබේ.

‘ඔබටත් වඩා ඔබ ගැන වැඩිපුර’ නමැති අරමුණින් ක්‍රියාත්මක වන NDB අරලිය කාන්තා බැංකුකරණ පද්ධතිය යටතේ අදියර හතරකින් පැවැත්වෙන මෙම වැඩසටහන සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් NDB හි ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න පැවසුවේ විවිධ ක්ෂේත්‍රවල නියුතු කාන්තාවන් විදහා දක්වන විශිෂ්ටතා සොයා ඔවුන් ඇගැයීමට කැප වූ මෙම වැඩසටහන, ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමෙහිලා ජාතික වශයෙන් වැදගත් වූ කාර්යයක් ඉටු කරනු ඇති බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division