Home » නවලෝක රෝහලේ 38වැනි සංවත්සරයට වෛද්‍ය ප්‍රදර්ශනයක්

නවලෝක රෝහලේ 38වැනි සංවත්සරයට වෛද්‍ය ප්‍රදර්ශනයක්

by gayan
October 28, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල, සිය 38 වසරක සංවත්සරය සැමරීමට සමගාමීව පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කරමින් අද්විතීය වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථමවරට පවත්වන ලද මෙම ප්‍රදර්ශනයේදී විකිරණවේද ඒකකය, එන්ඩොස්කොපි සහ අක්මා අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, හෘද මධ්‍යස්ථානය, අක්ෂි මධ්‍යස්ථානය, රූපලාවණ්‍ය අංශය, විකලාංග මධ්‍යස්ථානය සහ රසායනාගාරය ඇතුළු රෝහලේ එක් එක් අංශ පිළිබඳ පුළුල් දැනුමක් මේ හරහා ලබා දෙන ලදී.

රෝහල් කාර්ය මණ්ඩලයට ඇතුළු සහභාගී වූ සියල්ලටම මෙය දැනුම බෙදා ගැනීමට ඉතා වැදගත් අවස්ථාවක් වූ අතර, මේ පිළිබඳ අදහස් දක්වමින් නවලෝක රෝහල් සමූහයෙහි සභාපති සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත ධර්මදාස ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මඟින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ලබා දීමට කැපවී සිටින බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division