Home » DIMO Healthcare සහ ZEISS එක්ව නවෝත්පාදනයක් හඳුන්වා දෙයි

DIMO Healthcare සහ ZEISS එක්ව නවෝත්පාදනයක් හඳුන්වා දෙයි

by gayan
October 28, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළෙ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL) ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ක්‍රියාවලියට නව අරුතක් එක් කරමින් ඉදිරිපත් කර ඇති මෙම නවෝත්පාදනය රෝගීන් සඳහා වැඩිදියුණු කළ දෘශ්‍ය ප්‍රතිඵල ලබා දෙන අතර Fully preloaded injector හෙවත් අක්‍ෂි කාචය අඩංගු ඉන්ජෙක්ටරය මඟින් ශල්‍යකර්ම ක්‍රියාපටිපාටිය පහසු කරමින් සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කරන බවත් DIMO Healthcare පවසයි.

ZEISS සමූහ ව්‍යාපාරයේ SAARC කලාපීය ප්‍රධානී විකාස් සක්සේනා මෙම තාක්ෂණය හදුන්වා දෙන අවස්ථාවේදී පැවසුවේ ZEISS CT LUCIA 621P Monofocal IOL මඟින් අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් හට සිය ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්මය කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට අවශ්‍ය අවකාශය ලබා දෙනු ඇති බවය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division