Home » LOLC ෆිනෑන්ස් වෙත හරිතාගාර වායු සත්‍යාපන සහතිකයක්

LOLC ෆිනෑන්ස් වෙත හරිතාගාර වායු සත්‍යාපන සහතිකයක්

by gayan
October 28, 2023 12:30 am 0 comment

වසර 2030 වන විට කාබන් මධ්‍යස්ථභාව (Carbon Neutrality) සාක්ෂාත් කර ගැනීම උදෙසා LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් හරිතාගාර වායු (GHG) ප්‍රමාණකරණය සහ වාර්තාකරණය වෙනුවෙන් ISO 14064:1 හරිතාගාර වායු සත්‍යාපන සහතිකය පිරිනමන ලදී. මෙම සත්‍යාපන සහතිකය, ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිටි පරිසර අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා දේශගුණික අරමුදල් කාර්යාලයේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත පිළිගැන්විණි.

මෙම ඇගැයීම මගින් සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛා 204 ඇතුළත් එහි පුළුල් ජාලය ආවරණය කරයි. LOLC ෆිනෑන්ස් පීඑල්සී හි තිරසරභාව පිළිබඳ කළමණාකාරීනී සිතුමිණි විජේරත්න සිය අදහස් පළ කළේ මෙලෙසිනි. “අපි අපගේ හරිතාගාර වායු විමෝචන මැනීම සහ වාර්තාකරණය සිදු කළ අතර, මෙම පිළිගැනීම මඟින් අපගේ උත්සාහයන්ට වලංගුභාවයක් හිමි වුණා. මේ සෑම පියවරක් සමඟින් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාබන් සවිඥානික සමාගමක් බවට පත්වීමේ පදනම අප සකස් කරමින් සිටිනවා”.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division