Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

මේෂ – ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් ගන්නේ 10,11,12 සහ ලග්නය මතිනි. ගෘහ ජීවිතය හොඳින් පවත්වාගෙන යා හැකි අතර ආර්ථිකය යහපත් වේ. දුවා දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබ අතට හැරෙයි. රැකියා සඳහා වැඩියෙන් ඇවිදීමට සිදු වේ. සිත් රිදීම් මෙන්ම හිතවතෙකු නිසා පාඩුවක් සිදු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අපල අවම වීමට පිළිකා රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංකය – 10, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

වෘෂභ – රැකියාවෙන් ලාභ

සඳු ගමන් කරන්නේ 9,10,11 සහ 12 වැන්න හරහාය. ආරම්භය පුණ්‍ය සිතුවිලි සහිතය. රැකියාවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ගෘහ ජීවිතයේ කටයුතු නිසියාකාරව කරගෙන යන අතර දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවේ. නිෂ්ඵල ගමන් හෝ පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ගෙදර දොර අලංකරණය පිණිස කාලය වැය කරයි. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට මුත්‍රා දෝෂ ඇති අයට උදවු කරන්න.

සුබ අංක – 6,10, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – සිකුරාදා

මිථුන – සමාජ සේවා කටයුතුවලට යොමු වේ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේදී මරණයක් සැලවිය හැකිය. පුණ්‍යස්ථානවල බෝධි පූජා ආදියට සහභාගී වීමත්, සමාජ සේවා වැනි කටයුතුවල නිරත වීමත් රැකියා සඳහා ඇවිදිලි වැඩි වීමත් සිදු වෙයි. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙයි. දුරදක්නා නුවණින් යුතු වෙයි. අපල අසනීප පෙන්වයි. අපල අවම වීමට කුඩා දරුවන් රැකබලා දෙන්න. ඔවුනට ආදරය කරුණාව මෙන්ම රැකවරණයද දෙන්න.

සුබ අංකය – 10, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 7,8,9 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමට භාග්‍ය ඇත. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යා හැකි වුවත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය. දරුවන්ගේ උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා තිබු බාධා මග හැරී යයි. අපල අවම වීමට කිරි දෙන මවුවරුන්ට ආහාරපාන ආදියෙන් උදවු කරන්න.

සුබ අංකය – 9, 10, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ – ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවයන් හරහාය. අසනීප ආදියෙන් සුළු සහනයක් ගෙන දෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ඇත. ගෘහ ජීවිතයේ සැනසීම අත්කර දෙන පුණ්‍ය කටයුතුවලට දායක වේ. දරුවන්ගේ අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් වන ලකුණු පෙන්වයි. අපල අවම කර ගැනීමට දුර්වල කෙනෙකුට බෙහෙත් හේත් ආහාරපාන ආදියෙන් උපකාර කරන්න.

සුබ අංක – 4, 10, සුබ වර්ණ – රතු, සුබ දවස – ඉරිදා

කන්‍යා – අධ්‍යාපනික ජයග්‍රහණ

සඳු ගමන් කරන්නේ 5, 6,7,8 යන භාවයන් හරහාය. අසනීපවලින් සහනය ගෙන දෙයි. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ඇති වුවත් නිෂ්ඵල ගමන් සහ නිෂ්ඵල වියදම්වලට ඉඩ ඇත. කල්පනාවෙන් කටයුතු කරන්න. තමාට සමාජයෙන් කීර්ති ප්‍රසංශා ලැබිය හැකි සිදුවීම්වලට ඉඩ ඇත. අපල අවම වීමට කුඩා දරුවනට පොතක් පෑනක් තෑගි කරන්න.

සුබ අංක – 7, 10, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – දූදරු සබඳතා වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් හරහාය. මවු දෙමවුපියන් සහ දරුවන්ගේ බැඳීම් වර්ධනය වෙයි. උදවු උපකාර දෙපිරිසටම හිමි වෙයි. රැකියා සඳහා ඇවිදිලි මෙන්ම වැඩ අධික වන ව්‍යාපාරවලින් ලාභ ලබා දෙන සතියකි. ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවනට දක්ෂතා වැඩිදියුණු වන බවක් පෙන්වයි. අපල අවම වීමට වස් කාලයේ බෝධි පූජාවලට සහභාගි වන්න.

සුබ අංක – 6,10, සුබ වර්ණ – ක්‍රීම්, සුදු, සුබ දවස – සිකුරාදා

වෘශ්චික – දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර උපකාර හිමි වන මවුපිය පාර්ශ්වවල සහයෝගය ලබන දින කීපයකි. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. අධ්‍යාපනික ජයග්‍රහණ හිමිකර ගනියි. රැකියා සඳහා කැප කිරීම් දක්නට ලැබෙයි. ආදරණීය බැඳීම් ඇති කරයි. අපල අවම වීමට චෛත්‍යයක් අබියස රතු මල් පූජා කර කතරගම දෙවිඳුන්ට පින් දෙන්න.

සුබ අංක – 5, 10, සුබ වර්ණ – රතු, සුබ දවස – අඟහරුවාදා

ධනු – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ අත්කර දෙයි. තම වචනයට අන්‍යයන් ගරු කරයි. සහෝදර මාපිය දූදරු බැඳීම් වර්ධනය වීමෙන් පුණ්‍ය කටයුතු සඳහා එක්ව සහභාගි වීම් පෙන්වයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. අපල අවම කරගැනීමට වස් කාලයේ ස්වාමීන් වහන්සේට ගිලන්පස පිළිගන්වන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණ – කහ, සුබ දවස – ඉරිදා, බදාදා

මකර – පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. සමාජයීය පිළිගැනීම්වලට ලක්වන ඔබ පුණ්‍ය කටයුතු සඳහා වැඩි දායකත්වයක් ඇතිව කටයුතු කරයි. ගෙදර දොර අලංකාරයට පදිංචි ස්ථානයේ දියුණුවට අතහිත යොදයි. සහජ දක්ෂතා එළිදැක්වෙයි. මිල මුදල් ගැටලු ඇති නොවේ. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවයි. අපල අවම කරගැනීමට තිරිසන් සතුනට, පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංක – 8, 10, සුබ වර්ණ – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – සහජ දක්ෂතා ඔප් නැංවේ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායක නොවිය හැකිය. ඉන්පසු ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි වාතාවරණයක් සැලසෙයි. මිල මුදල් ලාභ හිමි වෙයි. සහජ දක්ෂතාවලින් වැඩ ගත හැකිය. රැකියා ව්‍යාපාර හොඳින් පවත්වා ගැනීමටත් සහෝදර උපකාර ලැබීමටත් පුළුවන. අපල අවම වීමට වස් කාලයේ පින්කම්වලට සහභාගි වන්න.

සුබ අංකය – 10, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – ලැබීම්වලින් සුබ තත්ත්වයක්

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායකය. ලැබීම් අතින් සුබ තත්ත්වයක් ඇති කරයි. සාමාජයීය පිළිගැනීමට ලක්වන කටයුතුවලට ඔබව පොළඹවයි. වචනයක් නිසා හිතවතුන් අමනාප විය හැකි බැවින් ප්‍රවේසම් සහගතව කතා කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කරයි. අපල අවම කර ගැනීමට කහ පාට මල් බෝධිය අබියස පූජා කර කරණීයමෙත්ත සූත්‍රය කියන්න.

සුබ අංක – 3, 10, සුබ වර්ණ – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division