Home » පෞරුෂ අංකයෙන් හෙළි වන ජීවන තොරතුරු

පෞරුෂ අංකයෙන් හෙළි වන ජීවන තොරතුරු

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

මෙයට පෙර ලිපිවලින් සම්පූර්ණ නමට අදාළ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය පිළිබඳවත් ඉන් අනතුරුව නමට එන ස්වර අකුරුවලට අදාළ හෘද අංකය පිළිබඳවත් පලාපල විස්තර ඉදිරිපත් කළෙමි. මෙවර ලිපියෙන් සූදානම් වන්නේ පෞරුෂ අංකය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටය. කෙනකුගේ පෞරුෂ අංකය මඟින් ද ඔහු පිළිබඳව අාධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඔහු සිතන පතන ආකාරය සම්බන්ධව තොරතුරු ගණනාවක් අනාවරණය කරගැනීමට පුළුවනි. නමේ අකුරුවලට අදාළ සෑම අංකයක් තුළින්ම යම් බලයක් නිරූපණය කරන අතර ඒවා වෙන වෙනම හඳුනා ගැනීම තුළින් පුද්ගල චරිතය තුළ ඒවා ක්‍රියාත්මක වන ආකාරය මනාව තේරුම් ගැනීමට හැකිය.

කෙනෙකුගේ පෞරුෂ අංකය මඟින් ඔහු බාහිර ලෝකය තේරුම් ගන්න ආකාරය සහ ඒ අනුව ඔහුගේ ආධ්‍යාත්මය ක්‍රියාත්මක වන ආකාරය මනාව පැහැදිලි වෙයි. පුද්ගල ජීවිත කෙරෙහි බලපාන අනිකුත් සෑම අංකයක් සේම මෙම පෞරුෂ අංකය ද ඉතා වැදගත් කොට සැලකිය හැකිය. මෙම ලිපි පෙළ මඟින් පෞරුෂ අංක 1 සිට 9 දක්වා පලාපල විස්තර සඳහන් කරන අතර ඔබේ පෞරුෂ අංකය සොයාගෙන ඊට අදාළ පලාපල විස්තර දැනගැනීමට ඔබට හැකියාව ඇත.

නමුත් ඊට ප්‍රථම ඔබ, ඔබේ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය පිළිබඳව දැනගත යුතුය. මේ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු පහත සටහනේ ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය.

මේ සඳහා උදාහරණයක් ගෙනහැර පෑමට නමක් ගෙන බලමු. ඉන් ඔබට පෞරුෂ අංකය සොයාගන්නා ආකාරය තවදුරටත් පැහැදිලි කරගත හැකිය.

මේ අනුව ඉහත උදාහරණයෙන් පෙන්නුම් කරන නම නිමල් ප්‍රේමරත්න යන අයගේ පෞරුෂ අංකය වන්නේ අංක 2 යි.

මෙය තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා තවත් උදාහරණයක් ගෙන බලමු.මේ අනුව සුසන්ත කුමාරගේ පෞරුෂ අංකය ලෙස අංක 5 ලැබේ.

මෙම උදාහරණවල සඳහන් ආකාරයට ඔබගේ නම ද ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගෙන ඔබගේ පෞරුෂ අංකය සොයාගෙන සටහන් කර තබා ගන්න.

අංක 1 සිට 9 දක්වා පෞරුෂ අංකවලට අදාළ පලාපල විස්තර ලබන ඉසිවර කලාපයේ සිට සඳහන් කරන අතර එය ඔබගේ ජීවිත සාර්ථකත්වයට යම් පමණක හෝ අස්වැසිල්ලක් වේ යැයි සිතමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division