Home » චීන – ශ්‍රී ලංකා ජනපතිවරු හමු වෙති

චීන – ශ්‍රී ලංකා ජනපතිවරු හමු වෙති

by Mahesh Lakehouse
October 21, 2023 12:40 am 0 comment

චීනයේ නිල සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහයන් චීන ජනාධිපති ෂී ජින් පිං 20 වැනි සිකුරාදා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී. චීන මහජන මහ ශාලාවේදී පැවැති එම සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා සහතික කර සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සඳහා සුහද, ප්‍රායෝගික සහ කඩිනම් සහාය ලබාදීමට චීනය කටයුතු කරන බවය.

චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එක් චීනයක් ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් – එක් මාවතක්“ ක්‍රියා පිළි­‍ෙවතට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවය. ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හගේර් චාරිකා සටහන්

ඔස්සේ චීන ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළිවන බවද චීන ජනපතිවරයා අවධාරණය කළේය. ඈත අතීතයේ පටන් චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ මෙහිදි සිය කෘතඥතාව පළ කළ ජනපති රනිල් වික්‍රමසිංහයන් සෑම විටම චීන ජනපතිවරයා ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලී සහ සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division