Home » කේන්දරයක දෙවැනි භාවය කියවමු

කේන්දරයක දෙවැනි භාවය කියවමු

by thanushika
October 14, 2023 12:35 pm 0 comment

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක 2 වැනිභාවය විශ්ලේෂණය කිරීමට මෙම ජන්ම පත්‍රය යොදා ගන්න.

මේ ජන්ම පත්‍රයේ 2 වැනි භාව ස්ඵුටය මකර රාශියේ 130 18’ 08“ හි යෙදී ඇත. එය ශනි ග්‍රහයා හිමි රාශියක සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ රාහු ග්‍රහයා හිමි උපස්ථානය ද යෙදී ඇත.

මේ 2 වැනි භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා රාහුය. මේ රාහු ජන්ම පත්‍රයේ 8 වැනි භාවයේ රවි හිමි සිංහ රාශියේ සහ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උපස්ථානය හිමි රාහු ග්‍රහයා, 8 වැනි භාවයට සම්බන්ධ වන නිසා පාරම්පරික දේපළ, රක්‍ෂණ සහ පාරිතෝෂික මුදල් යනාදිය ලබයි.

රාහු ග්‍රහයා නියෝජනය කරන රවි ග්‍රහයා 5 වැනිභාවයට සම්බන්ධ වන නිසා සංගීත, නාට්‍ය සහ ක්‍රීඩා කටයුතුවලට යොමු වීමෙන් ආදායම ලබයි. දරුවන්ගෙන් ලබයි.

රවි ග්‍රහයා 9 වැනිභාවයට සම්බන්ධ වන නිසා බැංකු කටයුතුවලින් මුදල් පාඩු ඇති වෙයි. ආනයන සහ අපනයන කටයුතු මඟින් ලාභ ලබයි. විදේශ සංචාරවල යෙදෙයි. මේ රාහු ජන්ම පත්‍රයේ රාහු ග්‍රහයා නියෝජනය කරන කේතු ග්‍රහයා 2 වැනිභාවයට සම්බන්ධ වන නිසා යහපත් ධන තත්ත්වයක් ඇති අයෙකි. පවුලේ අය සමඟ ඉතා ළැදිව කටයුතු කරයි. බොහෝ මුදල් ලබයි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division