Home » විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන ශ්‍රී විෂ්ණු වෛරෝඩිය

විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන ශ්‍රී විෂ්ණු වෛරෝඩිය

by thanushika
October 14, 2023 12:33 pm 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

ඉසිවර පාඨක ඔබ වෙත පසුගිය කාලය පුරාම මා විසින් ඉතා නිවැරදි සහ අතිශය දුර්ලභ පිරිත් දැහැන් මන්ත්‍ර ස්තෝත්‍ර පූජා විධි රාශියක් ඉදිරිපත් කළෙමි. ඒ තුළින් සැදැහැවතුන් සුවිශාල පිරිසක් ඉමහත් ශාන්තියක් සලසා ගත් බව මම විශ්වාස කරමි. මෙවරද ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ මහා මන්ත්‍රය හෙවත් මෙම ශ්‍රී විෂ්ණු වෛරෝඩිය පුරාණ ඇදුරන් විසින් අතිමහත් ගෞරවයෙන් භාවිත කරන ලද්දකි. ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් පිළිබඳ වරින් වර මෙම දුර්ලභ කරුණු ඉදිරිපත් කරන්නේ අප ඓතිහාසික කොළඹගම රාජමහා විහාරස්ථානයේ සිංහල රජදවස පටන් වර්තමානය දක්වා පවත්වනු ලබන පුද පූජා සහ තේවාවන්ගෙන් ලැබෙන ඉමහත් ආශිර්වාදය පිළිබඳ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පූජෝපහාරයක් ලෙසය. මෙම ශ්‍රී විෂ්ණු වෛරෝඩියෙන් ලබාගත හැකි ප්‍රයෝජන අතිමහත්ය. නිකරුණේ මිල මුදල් වියපැහැදම් නොකර මුදල සහ කාලය ඉතිරි කරගෙන මහත් භක්තියෙන් මින් ප්‍රයෝජන ලබා ගන්න.

නොඉඳුල්ව සිඳින ලද තැඹිලි තෙල් හෝ පොල් තෙල් බඳුනකට මෙම ශ්‍රී විෂ්ණු වෛරෝඩියෙන් 42 වතාවක් ජීවම් කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට දින 21ක් පහන දල්වා ගන්න. ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ දිව්‍ය මොහොත ලැබී ඇත්තේ දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ 12 පසු වී විනාඩි 12ටය. එම මොහොතේ පහන දල්වා ගැනීම ඉතා බලවත් වන අතර එසේ නොමැති නම් දවසේ සුදුසු උදෑසනක හෝ සවසක පහන දල්වා ගැනීමේ වරදක් නැත. තෙල් මතුරා ගැනීමේදී අඩුම තර⁣මින් මල් පහන් සුවඳ දුම් සහිත ආසනයක් මත තබා සිදු කර ගන්න. කරදර, බාධක, ග්‍රහ පීඩා, භූත බලපෑම් නිසා ඇතිවන අපමණ කරදර බාධක දුරු වී ස්ථානවලට සහ ජීවිතවලට පුදුමාකාර සෞභාග්‍යයක් උදා වේ.

නඩුහබ, තරග විභාග ජය, අධ්‍යාපනය කටයුතු සහ රැකී රක්ෂා අපේක්ෂා ආදිය පිළිබඳ සියලු ජයග්‍රහණ උදෙසා, ප්‍රභූන් හමුවීම සහ වැදගත් සාකච්ඡා ආදිය වෙනුවෙන් තුලසි (මදුරුතලා) පැළයක් ගලවා මල් යහන මත එය තැන්පත් කර මෙම ශ්‍රී විෂ්ණු වෛරෝඩියෙන් 21 වතාවක් ජීවම් කර ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ දේවාලයක හෝ තම නිවසේ ශ්‍රී විෂ්ණු දිව්‍ය ප්‍රතිමාවක් හෝ පින්තූරයක් අබියස ඉමහත් ගෞරවයෙන් පූජා කර ගන්න.

සෙනසුරාදා හෝ බදාදා සවස 6.30ත් 7.00ත් අතර කොළඹගම රාජමහා විහාරයේ ජීවමාන ශ්‍රී විෂ්ණු දිව්‍යරාජ තේවා මොහොතයි. එම මොහොත තුළ සිදු කිරීම ඉතා බලවත් වේ. තුලසි ගස හින්දු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් වන්දනා සහ පූජෝපහාර පවත්වන්නකි. ඔවුන් ශ්‍රී ලක්ෂ්මී දේවිය ලෙස තුලසි ගසට ගෞරව කරන අතර සෑම නිවසකම තුලසි දේවිය යනුවෙන් මෙම ගසට වන්දනා කරති. මේ සියල්ල නිමවා කරණීයමෙත්ත සූත්‍රය දේශනා කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පින් අනුමොදන් කරන්න.


ශ්‍රී මහා විෂ්ණු වෛරොඩිය

ඕං හ්‍රීං හර හර රාම රාම ශ්‍රී විෂ්ණු වේලායුධ අත්ථි ගිඩි ගිඩි රාජගුරු ධරණී වෛකුණ්ඨකේ ශ්‍රී විෂ්ණු වෛරෝඩි වර වර දිෂ්ටි වර වර නමඃ

ඕං හ්‍රීං බ්‍රහ්ම පුත්‍ර අවරගිරි විෂ්ණු සංඛාර වෘත්තප්ප්‍රාණ අහෝ දේව ස්වාමියානේ අවර දිෂ්ටි ශැර රාම කදිර දේවාල උණු කරවා භවන වෙවුල්වා හුන් විදුරාසනේ ගිනි සැර දෙහෙදු දෙහෙදු එන් එන් රාම ස්වාමි සැර දරනේ එන් එන් නමස්කාර නමෝ නමඃ

ඕං හ්‍රීං නීල ග්‍රී පේයුම් හෘද භද්‍ර කායුම් මාගේ හෘදය කෙරෙහි නීල අවතාර නැගී ශ්‍රී විෂ්ණුන් වහන්සේගේ යුග නේත්‍ර හැර මා දෙස බලා ශ්‍රී විෂ්ණු දස අවතාර එන් එන් නමො නමඃ

සරවන භවනම් ජීව මන්ත්‍රම් සවාත්ථි සිද්ධිම් සර්ව දේව නමස්තුතේ නමඃ.

ඕං හ්‍රීං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණ්ඨං දේව ප්‍රභූ රාම ශිව රාම විෂ්ණු රාමා ධාර ගෝපාල චන්ද්‍ර චක්‍ර විවිධ ශහස්‍ර දුර්වාර ඝෝර මාරාරි හංකාර සංහාර නීලාචල හේමාචල පද්ම කුමාර ශීතාපති නව කොණ්ඩුවාල ශ්‍රී නාම ශක්‍රං ආඝොර ශක්‍රං හ්‍රීං හ්‍රීං හං හං අසුර සංහාර ඝොර මාර ආදිත්‍ය ගුරු නාරායන භගවතෝ ඊශ්වර මන්ත්‍ර කෘත සුරාසුර ගරුඪද්වජ අභිනාග ස්වර්ණ සකල සත්ව වශී කරණම් සම්මොහනාය අෂ්ට කර්ම භූලොක සුරේන්ද්‍ර රාජ කුමාරාය ඉන්ද්‍ර වරං විෂ්ණු කුමාරාය නමො නමඃ

ඕං පරම ලොකේශ්වර විෂ්ණු අවතාර දිෂ්ටි සුර රාජ මණිමකුට ගිනි දරණ ශක්‍රදෙව වරං සුරවරං ශ්‍රී විෂ්ණු දිෂ්ටි දිෂ්ටි දේව ස්වාමියානේ නමො නමඃ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division