Home » හෘද අංක හිමියෝ දුක දරා ජීවිතය ජයගන්නෝ

හෘද අංක හිමියෝ දුක දරා ජීවිතය ජයගන්නෝ

by thanushika
October 7, 2023 12:40 am 0 comment

මෙහිදී හෘද අංක 8 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේ ද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එන තුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 8 හිමි ඔබ ඉතාමත් යහපත් අධිෂ්ඨානශීලි දාර්ශනික සිතුවිලි සහිත පුද්ගලයෙක් වෙයි. ඔබ යමක් සිතා ගත්තොත් එය ඒ ආකාරයෙන්ම සිදු කිරීමට උනන්දු වෙයි. යමක් පොරොන්දු වුණොත් එය කඩ කරන්නේ නැත. ජීවිතයේ තමාට හැකි උපරිම උසස් තත්ත්වයට පත්වීම ඔබගේ එකම බලාපොරොත්තුව වෙයි. විශාල ව්‍යාපාර ව්‍යාපෘති ගැන සිහින දකියි. තමාට අවශ්‍ය ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී භෞතික සම්පත් ඒකරාශී කරගෙන සතුටින් ජීවත් වීම ඔබගේ අපේක්ෂාව වෙයි. ලෞකික දියුණුව ගැන ඉතාමත් තදින් සිතයි. අන් අය තමාට ගරු කරනවාට මෙන්ම සමාජය තුළ අගය කරනවාට ඉතා කැමතිය. අන් අයට බලපෑමක් කළ හැකි පුද්ගලයකු ලෙස ජීවත් වීමට කැමතිය.

එසේම හෘද අංක 8 හිමියන් තමාගේ වැඩ කටයුතු ඉතා හොඳින් කළමනාකරණය කරගෙන කටයුතු කිරීමට උත්සාහ දරයි. අනවශ්‍ය ප්‍රශ්න කරදරවලට කිසිසේත්ම කැමැති නැත. ඔබට අදාළ නොවන ප්‍රශ්න ගැටලුවලට මැදිහත් වන්නට සිදු වුවහොත් ඉක්මනින් මානසික වශයෙන්

බිඳ වැටීමට ලක් වෙයි. ආත්මාභිමානයකින් යුක්තව කටයුතු කරයි. ඔබට ඔබ පිළිබඳව ආඩම්බරයක් පවතී. නමුත් සමහර අවස්ථාවල තරමක් ආත්මාර්ථකාමී ගතිද නපුරු ගති ද නැතුවාම නොවේ. නමුත් ඔබගෙන් කිසිවෙකුට කරදරයක් නැත. අවශ්‍ය අවස්ථාවල ඕනෑම අයෙකුට උදවු කිරීමට ද ඉදිරිපත් වෙයි. හොඳින් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑමට ඔබට පුළුවනි.

කෙතරම් දුෂ්කර බාධා කරදර ඇති වුවද ඒවා ඉවසීමෙන් යුක්තව දරාගෙන කටයුතු කිරීමට උත්සාහ දරයි. උසස් මට්ටමකට දියුණු වීමේ ශක්තිය ඔබ තුළම පවතින බව හෘද අංක 8 හිමියන් තදින් විශ්වාස කරයි. යම් යම් දේ නිර්මාණාත්මකව අත්හදා බැලීමේ හැකියාව ඇත. නමුත් හෘද අංක 8 හිමියන් තුළ පවතින උත්සාහය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධිෂ්ඨාන කරගත යුතුය. බාධා කරදර එන විට එයින් පසුබට නොවී උත්සාහය අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. ඇසුරු කරන අය පිළිබඳවද අවබෝධයෙන් කටයුතු කිරීම හොඳය.

හෘද අංක 9 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division