Home » බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ මහානුභාවසම්පන්න සීවලී දැහැන

බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ මහානුභාවසම්පන්න සීවලී දැහැන

by thanushika
October 7, 2023 12:33 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත මෙවර මම ලබා දෙන්නට බලාපොරොත්තු වූයේ මෙතෙක් කිසිදා ඔබට නොලැබුණ මහානුභාවසම්පන්න සීවලී දැහැනයි. බොහෝ ඇදුරන් භික්ෂූන් වහන්සේ, ගිහි උපාසක පිරිස සීවලී යන්ත්‍රය ජීවම් කර බැතිමතුන්ට ලබා දීම සිදු කරයි. එහෙත් එයින් අත් වූ ශාන්තියක් දැනගන්නට නැත. ඊට හේතුව දැහැන්ගත නොකර සීවලී පිරිත පමණක් භාවිත කීරීමයි. ඕනෑම යන්ත්‍රයක් බල පිහිටුවීම සඳහා ජීවම්, මන්ත්‍ර, දැහැන, දිෂ්ටි, පුට, පලිප්පු මේ සියල්ල සම්පූර්ණ විය යුතුයි.

එසේ නොමැතිව පලඳවන යන්ත්‍රයකින් හෝ වෙනත් කිසිම ශාන්ති කර්මයකින් පිහිටක් ලබාගත නොහැක. සෞභාග්‍යය සහ දියුණුව උදෙසා භාවිත කරනු ලබන සීවලී යන්ත්‍ර රාජයා බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූවකි. එය නිසි සේ සම්පූර්ණ කළ යන්ත්‍රයක් විය යුතුය. සීවලී පිරිත හෝ සීවලී දැහැන බුද්ධ භාෂිතයක් නොවන බව කරුණාවෙන් සලකන්න. එය මහායාන දේශනාවක් විය හැකිය.

මෙවර මම ඔබ වෙත ලබාදෙන මෙම මහානුභාවසම්පන්න සීවලී දැහැන පැරණි ස්වාමීන් වහන්සේ සහ ඇදුරන් විසින් ඉතා ගෞරවයෙන් රැකගෙන ආ දෙයකි. සීවලී යන්ත්‍රයකට හෝ නොඉඳුල් තැඹිලි තෙල්වලට හෝ ගෞරවනීය මල් අසුනක තැන්පත් කොට 108 වතාවක් මෙම දැහැනින් ජීවම් කර ගෙල පැලඳවීම සියලු සෞභාග්‍යයට හේතු වේ. නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් තබා එය ඉදිරිපිට පිරිසිදු පැන් භාජනයක් පූජා කර උදේ හෝ සවස දිනකට තුන් වතාවක් මෙම දැහැන කියවා මහරහත් වන්දනාව සිදු කරගන්න.

සියලු අවාසනාවන්ත ගති දුරුවී ස්ථානය අඳුරු කරන පහත් පෙළේ භූත බලවේග දුරු වී ආනුභාවසම්පන්න ආරිය ශ්‍රාවක දෙවිවරුන්ගේ ඇල්ම සහ බැල්ම නොඅඩුව ලැබී ස්ථාන පුදුමාකාර ලෙස සෞභාග්‍යවත් වේ. මෙම දැහැන කියවීමේදී වචන වැරදුණා යැයි කිසිම හානියක් නොවේ. නිවැරැදි වනතුරු නිතර කියවා සෞභාග්‍යය ළඟා කරගන්න.

සීවලී දැහැන

නමො සිද්ධ සීවලී රාජා පඨවියා සබ්බතො මෙව ආකාසේ උදකේ නෙවිසංසං හස්සං තම්පිසාරේමි සබ්බ ලෝකං උපෙන්තුමේ.

නමො සොභිස දිස්සන්ති තෙපී පියදස්සති නමඃ

පදුමුත්තරො නාම ජිනො සබ්බ ධම්මෙසු චක්ඛුම, ඉතො සත සහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො සීලන්තස්ස අසංඛෙය්‍යං සමාධි වජිරූපමා අසංඛියං ඤාණවරංවිමුත්ති ච අනූපමා, මානුජාමරනාගානං බ්‍රහ්මණං ච සමාගමෙ.

නමාමහං මහාලාභිං, සීවලී නාම අරහන්තං තස්ස තේජේන සබ්බ ලාභා උපෙන්තු මේ.

සීවලීච ච මහා ථෙරො සො රහො පච්චයා දිනං තිලිජාත සිඛො නාසං මන ආ, උ, උමනා ආ සබ්බ ජනා බහුජනා.

පියො දේව මනුස්සානං, පිය බ්‍රහ්මාණ මුත්තමො, පියො නාග සුපණ්ණානං, පීණින්ද්‍රියං නමාමහං නිසං සීමො ච මෙ සීසං නානජාලීති සංජලිං සදේව මනුස්ස පූජිතං සබ්බ ලාභා උපෙන්තු මෙ.

නමො ථෙරස්සන්ති සො නාම කිං මෙ සුතං ඒතං සබ්බ නෙති සීවලී තෙජානං එවං සීවලී නමඃ.

සමණ බ්‍රාහ්මණා කිණ්ණේ ධම්මං දෙසෙති නායකො සසාවකො මහා ලාභිං පුඤ්ඤවන්තං ජුතින්ධරං ඨාපෙසි.

එතදග්ගම්හි පරිසාසු විසාරදො තදාහං ඛත්තියො ආසිං නගරෙ හංසවතිව්හයෙ.

නමො ජාති ජළාගාර විසදන ආකාස අහන්තිං ච ඊවදා , හන්ති යස්ස ථෙරස්ස තෙ ජයතෙ නමඃ.

සුත්වා ජිනස්ස තං වාක්‍යං සාවකස්ස ගුණං බහුං නිමන්තයිත්වා සත්තාහං භොජයිත්වා සසාවකං,

මහා දානං දදිත්වාන තං ඨානමභිපත්ථයිං, තදා මං විනතං පාදෙ දිස්වාන පුරිසා සභො.

සොසරෙන මහා වීරො ඉදං වචනමබ්‍රැවී,

තතො ජිනස්ස වචනං සොතු කාමා මහා ජනං දෙව දානව ගන්ධබ්බා බ්‍රහ්මාණො ච මහිද්ධිකා.

නමො තෙජං ලොකෙක සෙට්ඨං නරාසභං එතං තෙජෙන සෙට්ඨං නරාහතිං තෙජ නමඃ.

සමණ බ්‍රාහ්මණාචාපි නමස්සිංසු කතංජලි, නමො තෙ පුරිසුත්තම,

ඛත්තියෙන මහා දානා දින්නං සත්තාහකං විභො, සොතුකාමා ඵලංතස්ස ව්‍යාකරොහි මහාමුනෙ.

නමො ශ්‍රී බුද්ධ ජය ජය එස්වාහා.

නමො ⁣ථෙරස්ස යතොහොති යස්ස යන්තා පියා යාති යස්සයන්ති නමො නමඃ

ලාභීනං සීවලී අග්ගො මම සිස්සේසු භික්ඛවො, සබ්බලොක හිතො සත්ථා කිත්තයිපරිසාසුමං,

රෙවතං දස්සනත්ථාය යදායාති විනායකො තිංස භික්ඛු සහස්සෙහි සහ ලෝකග්ග නායකො.

නමො සර්වාර්ත්ථ කාරණානි තෙසං භගවතො ඉති රාජහංස තෙ නමඃ.

නමො භව භව සර්ව සිද්ධි කාරණාය සහස්‍රප්‍රකොටි බන්ධනාය නඛජ්වලොහං ඉති සාධතෙ නමඃ.

නමො හන හන දහන ප්‍රසිව සිද්ධි සාධකාය හෘදග්‍රි සම්බන්ධනාය භග්න මුඛතෙ නමඃ.

නමො තෙසං ඉති සංඝ ධරණං කො⁣ටිප්‍රකොටි බන්ධනං ඝටිකං තප්‍රභවතො නමඃ.

නමො කූට පුට පුට යොග දක්ෂිණ උත්‍ර පුත්‍ර සීවලී තෙ නමඃ.

නමො භොගන්දරාම භග්න ජාතහංස භගවතො නමො නමඃ.

නමො සීවලී සූර්ය්‍ය තාපනී ආ, ඊ, ඌ, ඒ, ඕ, ඓ, න,

තෙ බන්ධු භූජඞ්ග ධාරණාය තෙ බන්ධු ත්‍රිවර්ණ යුගල තෙ නමඃ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division