Home » මම විවාහ වුණේ මගේ සෙකට්‍රි එක්ක

මම විවාහ වුණේ මගේ සෙකට්‍රි එක්ක

by thanushika
September 30, 2023 12:33 am 0 comment

වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය එක ලෙස ජයගත් ඔහු සුවහසක් රසික හදවත් තුළ ජනාදරයට පත් වූ කඩවසම් රංගන ශිල්පියෙක්. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණිය පුතණුවන් වන ඔහු මේ දිනවල සතියේ දින පහේම විකාශය වන සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට පැමිණෙනවා. රසඳුන මේ සොඳුරු කතා බහ රංගන ශිල්පී අඛිල ධනුද්ධර සමඟයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ ටිකක් කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුල බව අතරේ පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා.

ඔබේ කැදැල්ලට අලුතින් එකතු වෙන්න ඉන්න පුංචි අමුත්තා ගැන කතා කළොත්?

එයා එන බව දැනගෙන ගත වුණේ ඉතාම පොඩි කාලයක්. දැනට එයා ගැන ලොකු විස්තරයක් කියන්න අමාරුයි. කොහොම වුණත් ජීවිතේ ඒ ඒ කාලවලදී විවිධ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවත් ඒ වගේ. මේ වෙද්දි මගේ දෙවෙනි දරුවා වෙනුවෙන් මුළු පවුලම ඉතාම ආදරයෙන් බලාගෙන ඉන්නවා.

ඔබේ ජීවිතේට ආදරණීය බිරියගෙන් ලැඛෙන සහයෝගය මොන වගේද?

ජීවිතේ සියලු කටයුතු වෙනුවෙන් මට සහාය වෙන්නේ මගේ බිරිය එමී. ඇත්තටම ඇය මගේ බිරිය වෙන්න කලින් මගේ සෙකට්‍රි. මම විවාහ වුණේ මගේ සෙකට්‍රි එක්ක. මමත් එමිත් මහා ලොකුවට ජීවිතේ ගැන හිතන්නේ නැහැ. එදා දවස උපරිමයෙන් විඳිනවා. ඉඳලා හිටලා ඒ වෙලාවට පිංතූරයක් ගන්නවා සහ සතුටින් ජීවත් වෙනවා.

අකිල මේ දවස්වල එමී කන්න කැමතිම දේවල් හොයන්න මහන්සි වෙනවා කියලා ආරංචියි?

මගේ පළමු දරුවා ලැඛෙන්න ඉන්නකොට එමීට කෑම කන්න අපහසුවක් තිබුණේ නෑ. ඒ්ත් මේ දෙවෙනි දරුවා ලැඛෙන්න ඉද්දි තත්ත්වය ටිකක් වෙනස්. එයා කෑම අප්පිරියා කරනවා. ඒමී කැමති විදිහට ඒයාට ගැළපෙන විදිහට අපි එමී වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරනවා. කෑම නම් ගොඩක් හම්බෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කෑම සම්බන්ධයෙන් ඒමීෙග් තියන කැමැත්ත ටිකක් වෙනස්.

අකිල කියන්නේ මුල ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණ කෙනෙක්ද?

මම පුංචි කාලේ කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මම හිතපු දෙයක් තමයි අපේ ගෙදර හැමෝම කලාව කරනව නම් මම කලාව කරන්නේ නෑ කියන එක. මම අනිත් අය කරන දේවල් නොකර ඉන්න උත්සාහ කරපු කෙනෙක්. අකිල කියන චරිතය තනි පුද්ගලයෙක් විදිහට මිනිස්සු දකිනවට තමයි මම කැමති. මම ආසයි මිනිස්සුන්ව හඳුන ගන්න එයාලව ඇසුරු කරන්න. මම කලාවට එන්නේ අහම්බෙන්. කොහොම වුණත් මම කලාවට සම්බන්ධ වෙනකොට මගේ දෙමවුපියෝ ගොඩක් සතුටු වුණා.

ඔබේ පුංචි දියණිය ගැනත් කතා කරමු?

මේ දවස්වල ඇය වැඩිපුර කාලය ගත කරන්නේ මාත් එක්ක. ඒකට හේතුව එමී දැන් ඉන්න තත්ත්වය. එයාට දුවත් එක්ක වැඩ ටික කරගන්න පහසු වෙන්න තමයි දුවව ටිකක් වැඩිපුර මගේ ළඟින්ම තියාගෙන ඉන්නේ. ඉස්සර ඉඳන්ම මම ළමයි කියන මාතෘකාවට ගොඩක් ආදරේ කෙනෙක්. මගේම දුවව මට ගොඩක් දැනෙනවා සහ මම ඇයට ගොඩක් ආදරෙයි.

ඔබේ පියාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කළොත් ?

අපේ පවුලේ සියලු දෙනාම කරන සෑම කටයුත්තකම අරමුණ තමයි තාත්තව සුවපත් කර ගැනීම. යම් දෙයක් අපි හදවතින් ප්‍රාර්ථනා කළොත් එය ලබා දෙන්න විශ්වයම උත්සාහ කරනවා. දිනෙන් දින අප්පච්චි සුවය ලබමින් ඉන්නවා. හැම අවස්ථාවකදිම අපේ ශක්තිය තමයි ධනාත්මකව සිතන එක. අප්පච්චි නිසා තමයි අපි ඉන්නේ. අපිට ළඟදිම හොඳ ආරංචියක් අහන්න ලැඛෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු ?

මේ වෙද්දි හිරු ස්ටෙපප් වේදිකාවේ අවසන් වටය වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම සිදාදියේ සමනලියෝ ටෙලි නිර්මාණයට දායක වෙලා කටයුතු කරගෙන යනවා. ඒ වගේම චිත්‍රපට කීපයක වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතර ක්‍රියාදාම චිත්‍රපටයක් වෙනුවෙනුත් රූගත කිරීම්වලට සම්බන්ධ වීමට නියමිතයි. මේ නිර්මාණ සියල්ලක්ම හරහා ඉදිරියේදී මගේ ආදරණීය රසිකයන් සමීපයට එන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 දසුනි වත්සලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division