Home » සංවේදී හදවතක් ඇති අංක හිමියෝ

සංවේදී හදවතක් ඇති අංක හිමියෝ

by thanushika
September 23, 2023 12:47 am 0 comment

මෙහිදී හෘද අංක 4 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 6 හිමි ඔබ ඉතාමත් ඉවසිලිවන්ත උණුසුම් සහගත සංවේදී හදවතක් ඇති පුද්ගලයෙක් ලෙස සඳහන් කිරීමට පුළුවනි. සෑම කෙනෙක් කෙරෙහි ම අනුකම්පා සහගතව කටයුතු කරන ඔබ ඉතාමත් හැඟීම්බර පුද්ගලයෙක් ලෙස ද හැඳින්විය හැකිය. ඕනෑම අයෙකුට ගුරුහරුකම් ලබාදීමටද ඔබ දක්ෂය. යහපත් චේතනාවෙන්ම අවශ්‍ය අයට උදවු උපකාර කිරීමට ඉදිරිපත් වෙයි. අලුත් දැනුම එකතු කරගැනීමට මෙන්ම පොතපත පරිශීලනයට ද කැමතිය.

එසේම හෘද අංක 6 හිමියන් අන් අයගේ අදහස්වලට හොඳින් සවන් දෙයි. ඉවසීම සහ තැන්පත් බව ද ඔබේ චරිතය තුළ පවතී. වෙද හෙදකම් හැදෑරීමටද සුදුසු පුද්ගලයෙකි. ඔබ අතින් ලබා දෙන සුළු ප්‍රතිකාරයකින් වුවද අන් අයට සුවයක් ඇති කරයි. සමාජය වෙනුවෙන් මෙන්ම හිතමිතුරන් වෙනුවෙන් ද ඇප කැපවී කටයුතු කරන ඔබට එම කටයුතු නිසා තමාගේ වැදගත් කාරණාවන්ද පසුපසට දැමීමට සිදුවිය හැකිය. හිතවත් පුද්ගලයන් සඳහා හොඳින් උදවු උපකාර කරයි. හිතමිතුරන් ඇසුරු කිරීමට ප්‍රියකරන අතර බොහෝ මිතුරන් ද සිටී. තම බිරිඳ සැමියා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා කෙරෙහි ඉතා දැඩි ළෙන්ගතුකමින් කටයුතු කරයි.

පහසුවෙන්ද සැපෙන්ද ජීවත්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු හෘද අංක 6 හිමියන් විසින්ම උත්සාහයෙන් සම්පාදනය කර ගනියි. ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් කලට වේලාවට ඉටු කිරීමට ඉදිරිපත් වෙයි. ඔබ පෙම්වතෙක් පෙම්වතියක් ලෙස මෙන්ම ස්වාමියෙක් බිරියක් ලෙස ද ඉතා ආදරණීය ජීවිතයක් ගෙවීමේ ගත කිරීමේ වාසනාව ඇති කෙනෙකි. ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා කම්පාවටත් කලකිරීමටත් පත්වීමට සිදුවිය හැකිය. කෙසේ වෙතත් හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති ඔබ දුරදිග බලා කටයුතු කිරීම හොඳය. අනුන් විසින් කරන සෑම ඉල්ලීමක්ම ඉටුකර දීමට ඉදිරිපත් වීම ඔබගේ දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම සමහර දේවල් කෙරෙහි අන්තගාමීව කටයුතු කිරීමද දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. සෑම දෙයක්ම තමාට ඕනෑ ආකාරයට පවත්වා ගැනීමට උත්සාහ ගනී. කෙසේ වුවත් ඔබ කිසිවකුටත් වරදක් කරන්නේ නැත. හෘද අංක 6 හිමියන් විනෝදකාමී පුද්ගලයන් ලෙස ද විටෙක හඳුන්වන්නට පුළුවනි. ගීතවලට සවන් දීම චිත්‍රපට නැරඹීම ආදී කලාත්මක දේවලින්ද සතුටක් සහ විනෝදයක් ලබයි. එමෙන්ම ඔබට යම් සහජ දක්ෂතාවන් ද පවතී. එවැනි දේ තුළින් ද සාර්ථකත්වයක් ලැබිය හැකිය. බාධක සහ අභියෝග හඳුනාගෙන කටයුතු කිරීම තුළ ඉතා ඉහළ සාර්ථකත්වයක් උදාකර ගැනීමේ හැකියාවක්ද හෘද අංක 6 හිමියන් සතුව පවතී.

හෘද අංක 7 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division