Home » විභාග ජය අත්වන පාඩම් මතක හිටින ප්‍රබල කෙම් මන්ත්‍රය

විභාග ජය අත්වන පාඩම් මතක හිටින ප්‍රබල කෙම් මන්ත්‍රය

by thanushika
September 23, 2023 12:20 am 0 comment

* මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයට ලියන කියන වැඩ ආරම්භ කරන විටදී මෙම කෙම් මන්ත්‍රය 21 වරක් සිතෙන් කියා වැඩ කටයුතු ආරම්භ කරන්න. මංගල යෝජනා පළ කිරීම, පිළිතුරු යැවීම, මනාලිය හමුවීමට යන විටදී මේ කෙම් මන්ත්‍රය 21 වරක් සිතෙන් කියා පිටත්වන්න. සියලු වැඩ සාර්ථක වේ. ජය අත්වේ.

ඕම් කාම දේවාය විද්ම‍ෙහ් පුෂ්ප බාහාය

ධීමහී තන්නො නාහ ප්‍රචෝද යාත්

*එදිනෙදා තමන්ගේ යහපත් සියලුම වැඩ කටයුතුවලට බාධා නැතිව සාර්ථක වීමට මේ කෙම් ක්‍රමය කරන්න.

පිරිසිදු පැන් බඳුනකට 108 වරක් මතුරා මුහුණ සෝදා අවශ්‍ය අය සිහි කර යන්න. වහා වසඟත්වයට පත්වේ. සුබ වැඩ සාර්ථක වේ.

ඕං ප්‍රිය නාරී ප්‍රිය භගවතී

ප්‍රිය සුන්දරී මුනි මුනි තාරේ තාරේ

සර්වජන වසං තුරේස් වාහඃ

*කෙම් මන්ත්‍රය

මී තෙල්වලට මතුරා 108 වරක් පහනක් දල්වා එම තෙල්වලින් නළලේ තිලකයක් තබාගෙන ගමන පිටත් වන්න. මංගල කටයුතු සාර්ථක වේ. අත්දුටුවකි.

නමෝ ශ්‍රී ප්‍රියේ ස්වහඃ

* කෙම් මන්ත්‍රය

බුද්ධ පූජාවට තබා පසුව අයින් කළ බත්වලට 108 වරක් මේ මන්ත්‍රයෙන් මතුරා දෙනු. දින 7ක් කළ යුතුයි. මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවතී. අත්හදා බලා ප්‍රතිඵල ලබාගන්න.

ඕං ආං ප්‍රේං ශ්‍රීං රාක්ෂ පත්‍රෙ ප්‍රෝං පක්ෂි

ඒස්වා හඃ

*ලක්ෂ්මී දෙවඟනට පහනක් දල්වා සුවඳ දුම් අල්ලා මෙම මන්ත්‍රයෙන් 21 වරක් මතුරන්න තමන්ගේ අදහස දේව රූපය දෙස බලාගෙන අයදිනු. අදහස වහා ඉටුවේ. දින කීපයක්ම අයදිනු.

“ඕම් මනි පද්මේ හුම්”

* කෙම් මන්ත්‍රය

සියලුම සුබ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට මෙම බලගතු මන්ත්‍රයෙන් 21 වරක් මතුරන්න. නොලැබෙන මුදල් ලැබීමට. ණය මුදල් නැවත ගැනීමට මෙන්ම ඔබට ප්‍රමාද වන යම් යම් මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන වේලාවේදී අමු ඉඟුරු කෑල්ලකට මතුරා 21 වාරයක් එය සපමින් ගමන යන්න. වැඩ කටයුතු සාර්ථක වේ.

ඕං මං අර්ථ සිද්ධි තතං තේස්වාහඃ

* පාඩම් මතක හිටිමට කෙම් මන්ත්‍රය

පවිත්‍ර පැන් බඳුනකට බ්‍රහස්පතින්දා උදේ 6.03ට උතුරු දිසාව බලා 108 වර මතුරා බොනු. පාඩම් හිටීවි. ධාරණ ශක්තිය ඇතිවේ. විභාගයෙන් ජය අත්වේ.

ඕං සරස්වතී මහා දේවී වීණා පුස්ථක

ධාරිනී හංස වාහන සම්යුක්තං

විද්‍යා ධානං කුරු මමඃ

*සතුරු දපනයට කෙම් මන්ත්‍රය

ගම්මිරිස් ඇට 7ක් සපමින් මෙම මන්ත්‍රයෙන් 21 වරක් මතුරා පිඹිනු. සතුරන් වහා පරාජය වේ. ඔබට ජය අත් වේ. යහපත් වැඩවලට පමණි.

ඕං බන්තේදරං තේ වර වර දිෂ්ටි

නීල සුන්ද්‍රදේවි යමකාර දිෂ්ටි හීං සුං ධිරිධග් පුඃ

* නඩුවට, මුදල් ගැනීමට සහ තමාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම මන්ත්‍රය නැඟෙනහිර දිශාව බලා සිතෙන් 21 වරක් කියා පිටත්වන්න. සුබ ලකුණු පහළ වේ. කාරණා හරි යයි.

ඕං නමෝ ත්‍රි පාමේස්වහඃ

* තමන් අදහන දෙවියන් සිහිකර දවසේ මිල මුදල් අතට ලැබෙන්නට මන්ත්‍රය සිතෙන් අයදින්න. දෙවියන් කෙරෙහි භක්තිමත් වීම අනිවාර්ය වේ. මෙය අරාබි කෙම් ක්‍රමයකි.

ඕම් බ්‍රසිනමඃ 16 වරක් ජප කරන්න.

* චිත්ත තරංග කෙම් ක්‍රම

ඔබ කැමති අන්දමේ මිල අධික නවීන වර්ගයේ මෝටර් රථයක පින්තූරයක් ගෙන තමා එය පදවන හෝ තමාට අයත් වී ඇති ආකාරය සිතමින් චිත්ත රූප මවමින් (රූප තරංග) වාහනය තමාට අයත් වී තිබේයැයි සිතමින් චිත්ත රූප මවන්න. දිගටම මෙම ධනාත්මක චිත්ත රූප සිතේ මවන්න. ඔබේ අදහස ඉටුවීමට විශ්ව ශක්තිය ළඟා වේවි.

*ව්‍යාපාර දියුණුවට මන්ත්‍රය

මෙම මන්ත්‍රය සිහිකර නිවසින් පිටත්වන්න. ව්‍යාපාර ස්ථානයේ ඇතුළට යන්න. තමාට අයත් අසුනේ ඉදගෙන මෙම මන්ත්‍රය සිතෙන් 21 වරක් කියා කටින් වායුව අවකාශයට තුන් වරක් මුදා හරින්න. දවසේ ආදායම වහා වැඩි වේ. ගැනුම්කරුවන් පැමිණේවි. ව්‍යාපෘතිය දිනෙන් දිනම දියුණු වේ.

නමෝ සිද්ධ ලෝවනී සර්වස්තිති‍ෙන් විනේස්වහඃ

* ඇස්වහ කටවහ වරු තුනෙන් දුරුවන්නට

සෙනසුරාදා සවස් කාලයේ කතා නොකර පැන් බඳුනක් ගෙන එයට කපු ඇට, වී, අඟුරු කෑල්ලක්, ලුණු කැටයක්, අබ සහ කොළ සතක් (7) තිබෙන දෙහි අත්තක් ද දමා ඉරිදා අලුයම කපුටන් හැඬීමට පෙර මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ගෙන ඇස්වහ කටවහ තිබෙන අයගේ ශරීරයේ දෙහි අත්තෙන් වතුර ගාන්න. කට සෝදන්න. වරු තුනක් නොකඩවා කරන්න. දෙහිඅත්ත මැලවී යන්නේ නම් දෝෂ භංග වී තිබේ.

ගොවිපළට, බුලත් කොටු වගාවන් සහ කුඹුරුවලට ද, සත්ත්ව ගොවිපළට ද ඇස්වහ කටවහ වැදී ඇත්නම් මේ ගුරුකම කරන්න. වසර 800 ඉපැරණි පාරම්පරික ගුරුකමකි.

ඕං නමෝ පාපා

කරුසියගේ ආඥාවෙන් ආනුභාවයෙන්

(අදාළ නම) ට ඇස්වහ කටවහ අද හිටං නෑ

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division