1.4K
මේ වසරේ මුල් මාසය 6 තුළ වාර්තා වූ ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 28,601ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි. ඩෙංගු රෝගීන් 10,874ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. ඩෙංගු රෝගය තදින් පැතිරයාම සම්බන්ධයෙන් හඳුනාගත් අධි අවධානම් කලාප සංඛ්‍යාව 15කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6446ක් සහ යාපනයෙන් 3978ක්, ගම්පහ දිසාවෙන් රෝගීන් 2859ක්, මහනුවරින් 2261ක් වාර්තා වී ඇත.