Home » රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය ජුනි 13දා

රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය ජුනි 13දා

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පැරැණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය නිවේදනය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධාන කරන මෙම තරගාවලියට පාසල් 1,000කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20,000කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩා තරු හඳුනා ගැනීමට සහ ඔවුන් බලගැන්වීමට රිට්ස්බරි ආයතනය දරන උත්සාහයේ තවත් පියවරකි.

” රිට්ස්බරි සෑම විටම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියා දියුණු කිරීමට කැප වී සිටිනවා. එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සමඟ අත්වැල්බැඳ, මේ තරගාවලියේ සාර්ථකත්වය සඳහා දායක වන්නට ලැබීම අපට විශාල සතුටක්…”යැයි CBL Foods International පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division