by sachintha
April 20, 2024 1:33 am 0 comment

දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පළමු මාස 3 තුළදී පමණක් සංචාරකයන් 635,784ක් පැමිණ තිබේ. අප්‍රේල් මාසයේද දෙසතියකට ආසන්න කාලයක් තුළදී සංචාරකයන් 82,531ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 718,315ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය පවසයි. වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාව රුසියාව යන රටවල් දෙකින් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකය. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින්ද වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 208253ක් වන අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී එම සංඛ්‍යාව දැක්වු‍ණේ 102545ක් ලෙසිනි. එසේම පෙබරවාරි මාසයේ 218350ක සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර පසුගිය වසරේ එම සංඛ්‍යාව දැක්වුණේ 107639ක් ලෙසිනි. මාර්තු මාසයේ පැමිණි සංචාරයන් සංඛ්‍යාව 209181ක් වන අතර එම සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයේ දැක්වුණේ 125495ක් ලෙසිනි.‍ මේ අනුව පසුගිය වසරේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වන 14,87,303 වඩා දෙගුණයක් හෝ ඊටත් වඩා සංචාරකයන් පිරිසක් මේ වසරේ පැමිණීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division