Home » සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටක් වුණේ මෙහෙමයි

සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටක් වුණේ මෙහෙමයි

by sachintha
April 20, 2024 12:31 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම් නවරත්න බණ්ඩා

සිංගප්පූරුවෙන් අපට ගතහැකි ආදර්ශ රැසකි. මෙරටේ සංචාරක කර්මාන්ත දියුණු කිරීම, විදෙස් ශ්‍රමිකයන් ලෙස පුහුණු ශ්‍රමිකයන් යැවීමට හැකියාව ඇත්නම් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරිම මහා පරිමාණ කර්මාන්ත දියුණු කිරීමට හැකියාව ඇත්නම් මේ රට ද දියුණ කළ හැකියි. සිංගප්පූරුව අතිවිශාල වශයෙන් සේවා වියුක්තියක් තිබියදී ලෝකය උපකාර නොකළත් කිසිදු රටක් ණය ආධාර ලබා නුදුන්න ද වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනඟා ගනිමින් ගෝලීයකරණය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමෙන් අද ලෝකයේ දියුණුම රටක් බවට පත්ව ඇත

 

සිංගප්පූරුව වර්ග සැතපුම් 433ක මුළු භූමි ප්‍රමාණයකින් සහ මිලියන 3ක කුඩා ශ්‍රම බලකායක් ඇති නගර රාජ්‍යයකි. වාර්ෂිකව ඩොලර් බිලියන 300 ඉක්මවන දළ දේශීය නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරයි, එය ලෝකයේ හතරෙන් තුනකට වඩා වැඩි වීම සුවිශේෂ කරුණකි. කෙසේ වුවත් සිංගප්පූරු නගර රාජ්‍යය 1960 ගණන්වලදී එක්සත් ජනපද ඩොලර් 320ට වඩා අඩු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් සහිත නොදියුණු රටක් විය.

අද එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 60,000 දක්වා ඉහළ ගොස් ඇත. මෙහි සුවිශේෂත්වය නම් ස්වභාවික සම්පත් ඉතා සුළු ප්‍රමාණයක් පිහිටා තිබීමයි. ගෝලීයකරණය, නිදහස් වෙළඳපොළ ධනවාදය, අධ්‍යාපනය සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ නිසා භූගෝලිය වශයෙන් පැවැති කුඩා රාජ්‍ය ඉක්මනින් සංවර්ධනය වීම සිදු විණි.

සිංගප්පූරුව වසර 100කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. එරට යටත් විජිත විරෝධී සහ ජාතිකවාදී හැඟීමක් කටයුතු කරන ලද රටක් නිසා එරටේ නිදහස ලැබීමට එය ප්‍රබල හේතුවක් විය. 1963 අගෝස්තු 31 වන දින සිංගප්පුරුව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වී මැලේසියාව සමඟ ඒකාබද්ධ වී මැලේසියාවේ සම්මේලනය පවත්වන ලදී. ඒ අවස්ථාවේදී මැලේසියාවේ කොටසක් ලෙස සිංගප්පුරුව වසර දෙකක කාලය ගතකරන ලදී. සිංගප්පූරුවේ මැලේ ජාතිකයන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයන් වාසය කරයි. ක්වාලාලම්පුර් මැලේ දේශපාලඥයන් සිටින රටක් වන අතර, එය අර්ධද්වීපයක් ලෙස වර්ධනය විය. එහි චීන ජනගහනය ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන මතවාදයන්ට තර්ජනයක් එල්ල වනු ඇතැයි බිය වූහ. එබැවින්, මැලේසියාව තුළ මැලේ බහුතරයක් සිටින ලද අතර එය සහතික කිරීමට සහ කොමියුනිස්ට්වාදයේ බලපෑම සීමා කිරීම ඔවුන්ට අවශ්‍ය විය. මේ නිසා මැලේසියානු පාර්ලිමේන්තුව සිංගප්පූරුව මැලේසියාවෙන් නෙරපා හැරීමට ඡන්දය ප්‍රකාශ කළහ. එනම් මැලේසියාව සිංගප්පූරුවේ කොටසක් නොවන බවට ඒ අය එහිදී සඳහන් කරන ලදී.

කෙසේ වුවත් 1965 අගෝස්තු 9 වන දින සිංගප්පූරුව විධිමත් නිදහසක් ලබා ගත් අතර, මේ අනුව යුසොහ් බින් ඉෂාක් එහි පළමු ජනාධිපතිවරයා ලෙසත්, ඉතා බලගතු වූ ලී ක්වාන් යූ අගමැතිවරයා ලෙසත් සේවය කටයුතු කරන ලදී.

ස්වාධීන රටක් ලෙස නිදහසින් පසු සිංගප්පූරුව විශාල ගැටලුවලට මුහුණ දුන්නේය. මේ නගර රාජ්‍යයක් වන සිංගපූරුවේ මිලියන 3ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් රැකියා විරහිත වූහ. එහි ජනගහනයෙන් තුනෙන් දෙකකට වඩා ජීවත් වූයේ නගරයේ මායිමේ මුඩුක්කු සහ අනවසර ජනාවාසවල ය. සිංගප්පූරුවේ ස්වභාවික සම්පත්, සනීපාරක්ෂාව, නිසි යටිතල පහසුකම් සහ ප්‍රමාණවත් ජල සැපයුමක් ප්‍රමාණාත්මකව නොතිබුණි. සංවර්ධනය අතින් විශාල ගැටලු රැසක් එවකට තිබිණි. එරටට ඒ වනවිට සංවර්ධනය කිරීමේ උත්තේජනයක් සැපැයීමට අනෙක් රටවල ආධාර අවශ්‍ය විය. එහිදී ලීක්වාන් යූ ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන ලදී. නමුත්, ඔහුගේ ආයාචනවලට පිළිතුරු නොලැබුණු අතර, සිංගප්පූරුවට තමන්ව විසින්ම නැඟී සිටීමේ දැඩි අවශ්‍යතාවය මතු විය. ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට උපකාර නොලැබුණ ද ස්වශක්තියෙන් නැඟී සිටීමට ඔවුන් උත්සාහ කරන ලදි. ඒ හෙයින් කර්මාන්ත සහ වෙළෙඳාම ඔවුන් ගෝලීයකරණයට ලක් කරන ලදි.

කෙසේ වුවත් යටත් විජිත සමයේදී සිංගප්පූරුවේ ආර්ථිකය කේන්ද්‍රගත වූයේ වෙ‍ෙළඳාම මතය. නමුත් මෙම ආර්ථික ක්‍රියාමාර්ගයන් පශ්චාත් යටත් විජිත යුගයේ රැකියා ව්‍යාප්තිය සඳහා සුළු හෝ සහනයක් නොවිණි. බ්‍රිතාන්‍යයන් ඉවත් වීමෙන් අනතුරුව සේවා වියුක්තිය වැඩි විය. විරැකියාව තවත් උග්‍ර විය; ස්වාධීනව නැඟී සිටීමේ ඇති ශක්තිය හීන විය. සිංගප්පුරුව ඉන් අනතුරුව ආර්ථික සංවර්ධනය, සේවා වෙළෙදපොළ වැනි විශාල වශයෙන් ශ්‍රමය ආකර්ෂණය කරන කර්මාන්තකරණයට අවධානය යොමු කරන ලදී. ඒ අනුව ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත විවෘත කිරීමට කටයුතු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. එසේ කිරීමට හේතුව සේවා වියුක්තිය නැති කර ගැනීමේ මාර්ග ඇති කර ගැනීමයි. එහිදී මතු වූ ගැටලුව නම් සිංගප්පුරුවේ කාර්මික සම්ප්‍රදායක් ඒ වනවිට නිසි ලෙස නොතිබිණි. මේ රටේ ශ්‍රම හමුදාව ගත්විට වැඩි වශයෙන් සිදු කරන ලද්දේ වෙළෙඳාම සහ විවිධ සේවාවන් සැපැයීමයි. මේ නිසා ඒ පිරිසට විශේෂඥ දැනුමක් හෝ මේ නව ක්‍රමවේදයන් සඳහා අනුවර්තනය කරගත හැකි කුසලතාවක් නොතිබිණි. එයට හේතුව ඔවුන් වෙළෙදාම සහ විවිධ සේවා සැපැයීම පමණක් සම්බන්ධයෙන් දැනුම්වත් වී තිබිණි. මේ නිසා සිංගප්පුරුවට විරැකියාවෙන් පීඩා විඳින ජනතාවට රැකියා උත්පාදනය කරන ක්‍රමවේදයක් නිසියාකාරයෙන් නොතිබිණි.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ නායකයන් තම ජනතාවට රැකියාවක් සොයා ගැනීමට බලපෑම් කළ අතර ඒ සඳහා ගෝලීයකරණය අත්හදා බැලීමට එරට වැසියෝ ආරම්භ කරන ලදී. එයට හේතුව සම්ප්‍රදායෙන් ඔබ්බට යෑමේ අවශ්‍යතාවයි. සේවා වියුක්තිය වැඩි වීම නිසා පාලකයන්ට සේවකයන් මේ ගෝලීයකරණයට යොමු කිරීමට සිදු විය. ඒ අනුව යුරෝපය හා ඇමෙරිකාව සමඟ වෙළඳාම් කිරීම ආරම්භ කරන ලදී. මෙයින් ලීක්වාන් යූ සිදු කරන ලද්දේ මේ රටවලින් අවශ්‍ය උපදෙස් ලබාගෙන කෙසේද සිංගපූරුව සංවර්ධනය කිරිමට සහ ලෝකයට විවෘත කරන්නේ කෙසේද යන කාරණාව පිළිබඳව උපදෙස් ලබාගැනීමයි. ඒ අනුව සිංගප්පූරුවේ නිෂ්පාදනය කිරීමට බහුජාතික සමාගම්වලට සම්බන්ධ වී කටයුතු කළ යුතුයි යන කරුණ සිංගප්පූරුවේ ආර්ථික කටයුතු සිදු කළ යුතු යැයි යන අවශ්‍ය පහසුකම් නිර්මාණය කරගන්නා ලදී.

එහිදී සිංගප්පූරු පාලනය විසින් රජය මධ්‍යගත කිරීම සිදු කරන ලදී. එයින් අපේක්ෂා කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමයි. ඒ සඳහා සිංගප්පූරුවට සුරක්ෂිත, දූෂණයෙන් තොර සහ අඩු බදු අය කිරීම් තුළින් හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට සිදු විය. මෙය සාර්ථක කර ගැනීමට නම්, අත්තනෝමතික රජයක් වෙනුවට රටේ පුරවැසියන්ට නිදහස භුක්ති විඳීමේ පරිසරයක් නිර්මාණය කිරීම සිදු විය. ඒ අනුව නීති පද්ධතිය විධිමත් කරන ලදී. මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම හෝ දැඩි දූෂණය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය. මේ සඳහා (PAP) මේ පක්ෂය විසින් සියලු ස්වාධීන කම්කරු සංගම් මර්දනය කළ අතර මෙය තනි පක්ෂයක් ලෙස සෘජුවම පාලනයක් ඇති කරගන්නා ලදී. මෙවැනි ක්‍රයමාර්ග තුළින් අපරාධ වැළැක්වීම සිදු විය.

ජාතික, දේශපාලනයට හෝ ආයතනික එකමුතුවට තර්ජනයක් වූ පුද්ගලයන් සිරගත කරන ලදි. මේ පාලනයට විරුද්ධ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලදි. රටට හිතකර ව්‍යාපාරික හිතකාමී නීති නිසා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය විය. මෙය එක්තරා දැඩි දැඩි පාලනයක් ලෙස සැලකිය හැකියි. මේ දේශපාලනික හා ආර්ථික පරිසරය නිසා සිංගප්පූරුව ස්ථාවර විය. එපමණක් නොව, එහි වාසිදායක පිහිටීම සහ ස්ථාපිත වරාය පද්ධතිය සමඟ, සිංගප්පූරුව භාණ්ඩ නිෂ්පාදනය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය විය. මෙහි යහපත් වරාය පද්ධතියක් සහ ගුවන්තොටුපොළ පද්ධතියක් නිර්මාණය කරන ලදි.

1970 ගණන්වලදී සිංගප්පූරුවේ නිෂ්පාදන සමාගම්වලින් හතරෙන් එකක්ම විදේශීය හෝ හවුල් ව්‍යාපාර වෙයි. එහිදී ඇමරිකාව, එක්සත් ජනපදය සහ ජපානය ප්‍රමුඛ වෙයි. හවුල් ව්‍යාපරවලින් මොවුන් රට දියුණු කර ගැනීමට වඩා හැකියාව ලැබිණි. ඒ සඳහා සිංගප්පූරුවේ ස්ථාවර දේශපාලන පරිසරය හිතකර ආයෝජන ශක්තියක් තිබිණි.

1970 සිට 1972 දක්වා ලෝක ආර්ථීකයේ ශීඝ්‍ර වශයෙන් ප්‍රසාරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉලක්කන් දෙකකින් වර්ධනය විය. විදෙස් ආයේජන ගලාගෙන එනවිට මානව සම්පත් සංවර්ධනය කිරිම සිදු විය. ඉන් අනතුරුව විදේශ ආයෝජන මුදල් ගලා එද්දී සිංගප්පූරුව එහි යටිතල පහසුකම්වලට අමතරව මානව සම්පත් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තේය. රට තුළ බොහෝ තාක්ෂණික පාසල් පිහිටුවා ජාත්‍යන්තර මුදල් ගෙවා නුපුහුණු සේවකයන් තොරතුරු තාක්ෂණය, ඛනිජ රසායන ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව පුහුණු කළේය. මානව සම්පත් සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස එවැනි පියවර අනුගමනය කරන ලදී. කාර්මික රැකියා ලබා ගැනීමට නොහැකි වූවන් සඳහා, රජය සංචාරක හා ප්‍රවාහන වැනි ශ්‍රමය අධිකව භාවිත කරන සේවා සඳහා බඳවා ගන්නා ලදී.

බහුජාතික සමාගම් තම ශ්‍රම බළකාය පිළිබඳව දැනුම්වත් කිරීම වැනි උපාය මාර්ගික ක්‍රමවේදයන් මඟින් රටට විශාල ලාභාංශයක් ලබා දුන්නේය. 1970 ගණන්වලදී සිංගප්පූරුවේ නිෂ්පාදන අතර මූලික වශයෙන් රෙදිපිළි, ඇඟලුම් සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනය විය. එමෙන්ම 1990 ගණන් වන විට, ඔවුන් වේෆර් නිෂ්පාදනය, සැපයුම්, ජෛව තාක්ෂණ පර්යේෂණ, ඖෂධ, ඒකාබද්ධ පරිපථ සැලසුම් සහ අභ්‍යවකාශ, ඉංජිනේරු විද්‍යාවේ නිරත විය. මේ වනවිට සිංගප්පූරුව නවීන, කාර්මිකකරණය වූ රටක් නිර්මාණය කර ඇත. ව්‍යවසාය වෙළඳාම එහි ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරය වෙයි. විශාල වෙළෙඳ පන්තියක් ද ඒ රටේ නිර්මාණය වී විශාල සංවර්ධනයක් සිදු විය. සිංගප්පූරු වරාය දැන් හොංකොං සහ රොටර්ඩෑම් අබිබවා ලොව කාර්ය බහුලම ප්‍රතිනැව්ගත වරාය බවට පත්ව ඇත. ප්‍රති නැව්ගතකරණය විශාල ලාභාංශ ලැබිය හැකි මාර්ගයක් වෙයි. එරට වරාය හසුරුවන මුළු භාණ්ඩ ටොන් ප්‍රමාණය අනුව, එය ෂැංහයි වරායට පමණක් පිටුපසින් ලෝකයේ දෙවන කාර්යබහුලම ස්ථානය බවට මේ වරාය පත්ව ඇත. එයින් අපට ඒ රට සංවර්ධන සැලැසුම් ක්‍රියාත්මක වන ආකාරය ඉතා පැහැදිලි වෙයි. එරට තෙල් නිධි නොමැතිවුවත් අප වැනි රටවල් සිංගප්පූරු වෙළෙඳපොළින් තෙල් මිල දී ගැනීම සිදු කරයි. ඒ රට තෙල් පිරිපහදුව ආර්ථිකයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි.

උපක්‍රමශිලි ආර්ථික රටාවකට ඒ රට පැමිණ ඇතත් අප එතැනට තවම ළඟා වී නැත. සිංගප්පූරුවේ සංචාරක කර්මාන්තය ද දියුණු වෙමින් පවතින අතර වාර්ෂිකව මිලියන 10 කට අධික නරඹන්නන් පැමිණ ඇත. සත්වෝද්‍යානයක්, රාත්‍රී සෆාරියක් සහ ස්වභාවික රක්ෂිතයක් ඇත. එසේම කැසිනෝ කර්මාන්ත ද දියුණු ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වී ඇත.

එරට බැංකුකරණය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර ස්විට්සර්ලන්තය විසින් පනවන ලද නව බදු හේතුවෙන් කලින් ස්විට්සර්ලන්තයේ තිබූ බොහෝ වත්කම් සිංගප්පූරුවට ගෙන ගොස් ඇත. Glaxo Smith Kline, Pfizer, සහ Merck & Co. වැනි ඖෂධ නිෂ්පාදකයන් එහි කම්හල් ස්ථාපිත කිරීමත් සමඟම ජෛව තාක්‍ෂණ කර්මාන්තය දියුණු කර ඇත. සිංගප්පූරුව එක්සත් ජනපදයේ 15 වැනි විශාලතම වෙළඳ හවුල්කරුවා වේ. දකුණු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ රටවල් කිහිපයක් සමඟ ශක්තිමත් වෙ‍ෙළඳ ගිවිසුම් ඇති කරගෙන ඇත. දැනට රට තුළ බහුජාතික සමාගම් 3,000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, එයින් නිෂ්පාදන නිමැවුමෙන් සහ සෘජු අපනයන විකුණුම්වලින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා වගකියනු ලබන්නේ බහුජාතික සමාගම් වෙයි. ප්‍රධාන වශයෙන් එරට දියුණු වීමට එරටේ ක්‍රියාත්මක වූ නීති පද්ධතිය වඩා වැදගත් විය. දූෂණ වංචා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. ආර්ථික අර්බුදයක් එරට පැවැති ද 1955 වසරේදි ලික්වාන් යූ ලංකාවට පැමිණෙන විට ලංකාවට වඩා පහළ මට්ටමක සිටිය ද අදවන විට ලෝකයේ ප්‍රමුඛතම දියුණු රටවල් අතර එකක් බවට පත්වී ඇත. ලෝකයේ ජීවත් වීමට සුදුසුම පරිසරයක් නිර්මාණය කර ඇති ඒ රටේ අද වනවිට දැඩි නිති රීති ක්‍රියාත්මක කරයි.

සිංගප්පූරුවෙන් අපට ගත හැකි ආදර්ශ රැසකි. මෙරටේ සංචාරක කර්මාන්ත දියුණු කිරීම, විදෙස් ශ්‍රමිකයන් ලෙස පුහුණු ශ්‍රමිකයන් යැවීමට හැකියාව ඇති නම් හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීමට හා මහා පරිමාණ කර්මාන්ත දියුණු කිරීමට හැකියාව ඇත්නම් මේ රට ද දියුණු කළ හැකියි. සිංගප්පූරුව අතිවිශාල වශයෙන් සේවා වියුක්තියක් තිබියදී ලෝකය උපකාර නොකළත් කිසිදු රටක් ණය ආධාර ලබා නුදුන්න ද වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනඟා ගනිමින් ගෝලීයකරණය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමෙන් අද ලෝකයේ දියුණු ම රටක් බවට පත්ව ඇත.

lසුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division