Home » 2024 සිංහල අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර

2024 සිංහල අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

අලුත් අවු­රුදු උදාව
අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා දින අප­ර­භාග 09.05 ට සිංහල අලුත් අවු­රුද්ද උදා­වෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා අප­ර­භාග 2.41 සිට 14 වන ඉරිදා අලු­යම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා අප­ර­භාග 2.41 ට පළ­මුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආග­මික වතා­ව­ත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා අප­ර­භාග 9.05 සිට 14 වන ඉරිදා අලු­යම 3.29 දක්වා පහත දැක්වෙන අයු­රින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනු­දෙනු කිරීම හා ආහාර අනු­භ­වය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරි­බ­තක් ද තල මිශ්‍ර කැවිලි වර්ග­යක් ද පිළි­යෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනු­දෙනු කිරීම හා ආහාර අනු­භ­වය
අප්‍රේල් මස 13 වන සෙන­සු­රාදා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරි­දාට එළි­වන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු­දෙනු කොට ආහාර අනු­භව කිරීම මැනවි.

හිස­තෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සඳුදා පූර්ව­භාග 10.17 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවු­ල්පත් ද පයට ඉඹු­ල්පත් ද තබා දිවු­ල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී­රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව­භාග 6.52 ට කොළ පැහැති වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි­බ­තක් හා කැවිලි වර්ග­යක් අනු­භව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටු­වීම
අප්‍රේල් මස 18 වැනි බ්‍රහ­ස්ප­තින්දා පූර්ව­භාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී නැගෙ­න­හිර දිශාව බලා පැළ සිටු­වීම මැනවි.

සැ.යු. ඉහත නැකත් වේලා­වන් දැනට සම්මත ඔර­ලෝසු වේලා­වෙන් සක­ස්කර ඇත්තේ සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­ග්‍ර­හය ඇතිව සිංහල අලුත් අවු­රුදු රාජ්‍ය නැකත් කමි­ටුව විසිනි. මෙම වේලා­වන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේ­ශ­ව­ලට නොවෙ­නස්ව භාවිතා කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division