Home » යුද හමුදා මලල ක්‍රීඩා සමාප්ති උත්සවය 31 දා

යුද හමුදා මලල ක්‍රීඩා සමාප්ති උත්සවය 31 දා

by Mahesh Lakehouse
March 30, 2024 12:27 am 0 comment

59 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය 31 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උලෙළ සඳහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 575 තරඟ ඉසව් 26ක් යටතේ තරග වැදුණාහ.

නව තරග වාර්තා හයක් සමඟින් 59වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර පසුගියදා (23 වැනිදා) නිමාවට පත් විය.

පිරිමි මීටර් 100 සහ 200 ඉසව්වලත්, පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේත්, කාන්තා මීටර් 10000 ඉසව්වේත්, කාන්තා මීටර් 100*4 ඉසව්වේ සහ කාන්තා සත් ප්‍රයාම ඉසව්වේ දි නව තරග වාර්තා බිහිකිරීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division