Home » නෙස්ලේ හොඳම ආයතනික පුරවැසියන් තිදෙනා අතරට

නෙස්ලේ හොඳම ආයතනික පුරවැසියන් තිදෙනා අතරට

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 – හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ දී නෙස්ලේ ලංකා සමාගම, සම්මාන හයක් දිනා ගත්තේය. ඒ අනුව, සියලු සමාගම් අතරින් තෙවැනි ස්ථානය, හොඳම ආයතනික පුරවැසියන් 10ට අයත්වීම, නිෂ්පාදන අංශ සම්මානය සහ පාරිසරික වගවීම සහ පාරිසරික ඒකාබද්ධතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීම සහ දියුණුවට අදාළ සම්මාන දෙකක් ද, ඒ අතර විය.

මෙසේ දිගින් දිගටම හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්වීම පිළිබඳ අප සතුටට පත්වෙමු. තිරසරභාවය, නෙස්ලේ සමාගමේ සියලු ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වයක් ගන්නා පසුබිමක ඒ තිරසර භාවයේ ගමන් මඟ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීමත් අපට විශාල ගෞරවයක්.

‘යහපත් ආහාර, යහපත් ජීවිතය‘ (Good food, Good life) යන අපගේ තේමාව පදනම්ව වසර 115ක් පුරා කටයුතු කළ අයුරින්ම තවදුරටත් ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් අපගේ තිරසරභාවය හා බැඳුණු ඉලක්ක ජයගැනීමට අපි බලාපොරොත්තු වෙමු… නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්න්හාඩ් ස්ටෙෆාන් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division