Home » සතියේ කල දවස

සතියේ කල දවස

2024 මාර්තු 25 සඳුදා සිට 31 ඉරිදා දක්වා

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

මේෂ
මිශ්‍රපල සහිතයි

සඳු ගමන් ගත්තේ 6, 7, 8 යන භාවයන් හරහාය. කලබල අඩු තැන්පත් ගති පැවතුම් සහිතව ගෙවී යන සතියකි. ස්ත්‍රී පක්ෂයේ මිතුරියන් හමුවේ. ගමන් බිමන් ද අධික වුවත් ආර්ථිකය යහපත් වේ. මවුවරුනට සිත් රිදීම් ගෙන දෙයි. ඉවසීම, තම යුතුකම මනාව ඉටුකිරීම, අන්‍යයන් හා වුවමනාවට වැඩි කථාවට නොයෑම තුළින් සතිය ඵලදායිව ගෙවා දැමීමට පුළුවන.

අපල අවම කර ගැනීමට රෝගීනට පිහිට වන්න.

සුබ අංක – 1, 3, 8, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා

වෘෂභ
සුබ සතියකි

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් තුළිනි. දරුවන්ගේ අධ්‍යාපනික ඥානය වර්ධනය වන ග්‍රහබල පවති. ශරීර සෞඛ්‍ය යම් තරමකට යහපත් වේ. ආදර සබඳතා සඳහා විවාහ තීන්දු තීරණ ගැනීමට මේ සතියේදී පුළුවන්කම ලැබේ. සතුරු කරදර අවම වේ. සමාජ සේවා පොදු වැඩවලට මෙන්ම පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය සැපයේ. ආර්ථිකය ශක්තිමත් වේ.

අපල අවම වීමට සතුනට ආහාර, ජලය තබන්න.

සුබ අංකය – 2, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස – සෙනසුරාදා

මිථුන
යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය තුළ සියලු වැඩකටයුතු සිදුකර ගැනීමට ශක්තිය ධෛර්යය උපදී. ආර්ථිකය ශක්තිමත්ය. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබවාදී වේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ලිපි ලේඛන ආදියෙන් සිතෙහි සතුටට කරුණු ගෙන දෙයි. අපල අවම වීමට අන්‍යයන්ට, හිත හොඳ මිනිසුන්ට උදව් උපකාර කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක
ජයග්‍රහණ අත්වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. අවිවේකය වැඩි කරදර වැඩි සතියක් වුවත් ඔබගේ චිත්ත ධෛර්යය ආගම දහමට ඇති ලැදියාව නැඹුරුව තුළින් සියල්ල පරදා ජය ගැනීමට පුළුවන. කරන කියන වැඩ රාජකාරිවලදි ප්‍රවේශමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. ජයග්‍රහණ අත්වේ. පදිංචි ස්ථානයේ දියුණුවක් පෙන්නුම් කරයි. මව්පස උපකාර හිමිවේ.

අපල අවම වීමට කිරි මවුවරුනට උපකාර කරන්න.

සුබ අංක – 4, 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ
ධන ලාභ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ අත්වේ. තමන්ගෙන් ඉල්ලා ගත් ණය මුදලක් හෝ ආපසු ලැබීමට ද පුළුවන. සහජ දක්ෂතා තුළින් ජයග්‍රහණ අත්කරගත හැකි සතියකි. පදිංචි ස්ථානයේ කුමන හෝ ගැටලුවකට විසඳුම් ලැබීමේ ප්‍රවණතාවයක් පෙන්වයි.

අපල අවම වීමට පිළිකා රෝගීනට උදව් කරන්න.

සුබ අංක – 4, 5, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

කන්‍යා
උගත් අය ඇසුරට ලැබේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 යන භාවයන් හරහාය. දුරදක්නා නුවණින් කටයුතු කළ හැකි ලෞකික සැප සම්පත්වලින් අඩු නැති සතියකි. එහෙත් සඳුගේ පුර අව තත්වයන් අනුව අයහපත් විය හැක. උසස් හා උගතුන් ඇසුරට ලැබේ. පොදු සමාජ වැඩ, පුණ්‍ය කටයුතුවලට දායකත්වය ගෙන දෙන ආර්ථිකය ශක්තිමත් සතියකි. අපල අවම වීමට කුඩා දරුවනට ආදරය කරුණාව රැකවරණය දෙන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස – සිකුරාදා

තුලා
ව්‍යාපාර සාර්ථක වේ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය දෙවැන්න හරහාය. ආරම්භය ගැටලු සහගත විය හැක. ඉන්පසු දින කිහිපය අයහපත් නොවේ. ආර්ථිකය ශක්තිමත් විය හැකි අන්දමේ රැකියා එදිනෙදා හමුවේ. ව්‍යාපාර සාර්ථක වේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබිය හැකි අතර සමිති සමාගම් ආදියේ සහ පොදු කටයුතුවලට සහභාගී වේ. මානසික සුවතාවය මෙන්ම කායික සුවතාවය ද ලැබේ.

අපල අවම වීමට වකුගඩු රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 3, 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සෙනසුරාදා

වෘශ්චික
ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ කටයුතු හොඳින් කරගෙන යාමට හැකි ලාභ ආදයම් ද ලබන දින කිහිපයකි. මව සමඟ ආරාවුල් ඇතිවීමට හැකි අතර තද හිතක් ඇතිව අන්‍යයන්ගේ උපදෙස් පිළිනොපැද කටයුතු කරන අවස්ථා ද මතු කරයි. සමහරවිට නිශ්ඵල වියදම් නිෂ්ඵල ගමන් යෙදෙන්නට හැකි නිසා බුද්ධිමත් වන්න.

අපල අවම වීමට අක්ෂි රෝගීනට උදව් කරන්න.

සුබ අංක – 4, 8, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

ධනු
මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතු හොඳින් කරගනෙ යාමේ ශක්තිය ඇතිවෙන අතර දුර ගමන් ද යෙදෙයි. දෙමව්පියන්ට හිතවත් වේ. මිත්‍ර සහයෝගය ඇතිවේ.

එහෙත් සතිය අවසානයේ කරන කියන කටයුතු යන එන ගමන බිමන පිළිබඳ කල්පනාකාරී විය යුත්තේ අපල පවතින බැවිනි. අපල අවම වීමට ඉවසීම සහ බුද්ධිය මූලික කරගන්න.

සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස – ඉරිදා

මකර
පුණ්‍ය සිතුවිලි සහිතයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ කෙරෙන මේ සතියේ ඔබ ගෘහ ජීවිතය තුළ කළ යුතු යුතුකම් මනාව ඉටු කරයි. සැහැල්ලු මනසකින් යුතු වෙයි. පුණ්‍ය කටයුතු පෙරදැරිව ලෝකෝත්තර දියුණුවට ද වැඩ කර ගනී. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වන ලකුණු.

අපල අවම වීමට දහම් පොත් කියවන්න.

සුබ අංක – 6, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ
මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. කරන කියන වැඩ රාජකාරි නොපිරිහෙලා ඉටු කළත් ඔබගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි. සෙම් රෝග, හෘද රෝග සඳහා පිළිපැදිය යුතු උපදෙස් පිළිපදින්න. විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබේ. දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවෙයි. අපල අවම වීමට මනස සැහැල්ලුවෙන් තබාගත හැකි අයුරු භාවනාවක නිරතවන්න.

සුබ අංක – 3, 8, සුබ වර්ණ – නිල්, සුබ දවස – සිකුරාදා

මීන
ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. තද හිතක් ඇතිව අන්‍යයන්ගේ උපදෙස් ගණනකට නොගෙන වැඩ කරන අවස්ථා මතු කරයි. පුණ්‍ය කටයුතු පිණිස ද සහභාගීවීමට අවස්ථා මතුකර දෙයි. සෞඛ්‍ය තත්වය පිළිබඳව ද සැලකිලිමත්ව ඉවසීම වැඩිහිටියනට සැලකීම වැනි ගුණ ධර්ම ප්‍රගුණ කරන්න. එවිට අපල අවම වේ.

සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division