Home » යුනියන් බැංකුව ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

යුනියන් බැංකුව ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment
සභාපති නිර්වාණ චෞද්රි සහ CEO ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ

ශක්තිමත් ජාත්‍යන්තර සමුහයක් වන CG Corp Global (CG) හි අනුබද්ධ සමාගමක් වූ CG Capital Partners Pte, සමාගම Culture Financial Holdings Ltd හි හිමිකාරිත්වය හරහා යුනියන් බැංකුවේ බහුතර කොටස් වක්‍රව අත්පත් කර ගැනීමත් සමඟ යුනියන් බැංකුව 2023 ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2023 මූල්‍ය වර්ෂය තුළ බැංකුව ස්ථාවර කාර්ය සාධනයක් වාර්තා කළ අතර, සමස්ත ආදායම 18% කින් රුපියල් මිලියන 22,410 ක් දක්වා වැඩි විය.

බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මි. 62,208 ක් වූ අතර පාරිභෝගික තැන්පතු රු. මි. 87,985 ක් විය. ආර්ථික වර්ධනයන් සහ සියලුම ව්‍යාපාරික අංශ හරහා ශක්තිමත් ප්‍රචාරණ මුලපිරීම් හේතුවෙන් 2023 දෙසැම්බර් 31 වන විට, CASA කළඹ 8% කින් වැඩි වූ අතර CASA අනුපාතය 27% ක් විය.

ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම්වලින් සමන්විත යුනියන් බැංකු සමූහය 72% ක වර්ධනයක් සමග රු. මි. 901 ක බදු ගෙවීමට පෙර ලාභයක් (PBT) වාර්තා කළ අතර, බදු ගෙවීමෙන් පසු ලාභයේ (PAT) 10% වර්ධනයක් සමග රු. මි. 464 ක ලාභයක් වාර්තා කරන ලදී. සමූහයේ මුළු වත්කම් රු. මි. 147,332 ක් වූ අතර බැංකුවේ කොටස 94% ඉක්මවයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division