Home » සෞඛ්‍ය සේවය හොඳටම පිරිහිලා

සෞඛ්‍ය සේවය හොඳටම පිරිහිලා

ස.ජ.බ. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

by Mahesh Lakehouse
March 2, 2024 12:35 am 0 comment
රසික කොටුදුරගේ

දකුණු ආසියානු කලාපයේ හොඳම සෞඛ්‍ය සේවය පැවැති රට මේ වන විට ඉතා දුර්වලම සෞඛ්‍ය සේවය පවතින රට බවට පත්වී ඇති බව ස.ජ.බ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සිළුමිණට කීය.

ඒ සඳහා වගකිව යුත්තේ සෞඛ්‍ය සේවකයන් හෝ වෛද්‍යවරුන් නොවන බවත් ඊට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ‘‘ආණ්ඩුවෙ කියන්නේ දැන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කියලා. රටක ප්‍රධාන අංශයක් තමයි සෞඛ්‍යය සේවය. ඒත් අද බෙහෙත් ටික නැතිව මිනිස්සු මැරෙනවා. රටක් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නම් එහෙම වෙන්න විදියක් නැහැ. ඒ නිසා ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ වන විට බෙහෙත් වංචාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් රිමාන්ඩ් කරලා තියෙන්නෙ. බොහෝ දිස්ත්‍රික්කවල රෝහල් වසා දමන තත්ත්වයකට පත් වෙලා. මිනිස්සු බෙහෙත් ගන්න සල්ලි නැති නිසා බෙහෙත් බොන්නෙ නැතිව ඉන්නවා. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම ආණ්ඩුවයි වගකිවයුතුයි.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division