Home » කටුනායක ගුවන්තොටට නව පර්යන්තයක්

කටුනායක ගුවන්තොටට නව පර්යන්තයක්

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

කටුනායක ගුවන් තොටුපළේ තදබදය වැළැක්වීම සඳහා ඉදිරි දෙසතිය තුළ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලබන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සිළුමිණට කීය. කටුනායක ගුවන්තොටුපොළේ පවතින අධික තදබදය වෙනුවෙන් නව ප්‍රවේශපත්‍ර කවුළු 31ක් සහිත නව පර්යන්තය සඳහා රුපියල් කෝටි 600ක මුදලක් වැය කෙරෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ගුවන්තොටුපොළේ පවතින සමස්ත මගී සේවා කවුළු සංඛ්‍යාව 36ක් වන අතර, විදේශ රැකියා පිණිස ගමන් කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙසින් වැඩිවීමත් නිසා එම කවුළු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන තත්ත්වයක පවතී. එසේම නව පර්යන්තයේ කටයුතු මාස 9කදී අවසන් කිරීමට ද සියලු සැලසුම් සකස් කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නව පර්යන්ත ගොඩනැඟිල්ල ඉදි කෙරෙන අතර, එහි නවීන පහසුකම් රැසක් ස්ථාපිත කෙරෙනු ඇත.

එසේම කටුනායක ගුවන්තොටුපොළට දෙවෙනි ගුමන් ගවන් පර්යන්තයක් ඉදි කිරීමට ජයිකා ආයතනය හා එක්ව කටයුතු කරනු ලබන අතර, මේ වන විට එහි කටයුතු පිළිබඳව සාකච්ඡා සිදු කර ඇත. ඒ අනුව දෙවෙනි පර්යන්තය ඉදි කරන තෙක් මේ නව පර්යන්ත ගොඩනැඟිල්ල ඉදි කෙරෙන අතර, පසුකාලීනව මේ පර්යන්තය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා වෙනුවෙන් වෙන් කෙරෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division