Home » නීතිපති දෙපාර්තමේන්තුවේ පහසුකම් නංවන්න ලෝක බැංකුව හා අමෙරිකන් ආධාර

නීතිපති දෙපාර්තමේන්තුවේ පහසුකම් නංවන්න ලෝක බැංකුව හා අමෙරිකන් ආධාර

by Mahesh Lakehouse
February 17, 2024 12:35 am 0 comment

ජනපති රනිල් වික්‍රමසිංහයන් නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා අමෙරිකානු ආධාර වැඩසටහන එකඟතා පළ කර තිබේ.

ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකානු ආධාර වැඩසටහනේ (USAID) නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතා පළ වී ඇත. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේ මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සම්පාදකයින්ගේ හා නීති පරිවර්තකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී තිබේ.

නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නිතී සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට බාධාවක්ව පවතින අදාළ පුරප්පාඩු ලෝක බැංකුවේ හා ඇ‍ෙමරිකා ආධාර යටතේ සම්පූර්ණ කෙරෙනු ඇත.

මෑත කාලයේ විශ්‍රාම ගිය නිලධාරීන් මේ වෙනුවෙන් බඳවා ගැනෙන අතර, ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමට ඉහත ආයතන දෙක මුදල් ලබාදෙනු ඇත. ඉතා ඉක්මනින් මෙම කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ආයතන දෙකේ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division