Home » මේ වසරේ විදෙස් රැකියා 350,000ක්

මේ වසරේ විදෙස් රැකියා 350,000ක්

දැනටමත් 38,000ක් රට ගිහින්

by Mahesh Lakehouse
February 17, 2024 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

මේ වසර තුළ නව විදේශ රැකියා 350,000 ක් පමණ විගමනික ශ්‍රමිකයන්ට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කාර්යාංශයේ ලියාපදිංචිව මේ වසරේ පළමු මාස එකහමාර තුළ විදෙස්ගතව ඇති සංඛ්‍යාව 38,000ක් බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

පසුගිය 2023 වසරේ විදෙස් රැකියා පිණිස මෙරටින් නික්ම ගිය පිරිස 287,000ක් බවත් පෙර 2022 වසරේ එම සංඛ්‍යාව 321,600ක් වූ බවත් එම කාර්යාංශය පවසයි.

මේ වසරේ ඊශ්‍රායලය, කොරියාව, රුමේනියාව ඇතුළු වැඩි වැටුප් උපදවාගත හැකි රටවල් රැසකින් ඇණවුම් ලැබී ඇති බවත් ඊට අමතරව මැද පෙරදිග ඇතුළු රටවල් රැසකින් රැකියා ඇණවුම් ලැබී ඇති බව ද කාර්යාංශය පවසයි.

කෙසේ වුවත් මෙරට පුහුණු ශ්‍රමිකයන්ගේ අඩුවක් දක්නට ඇති බවත් වැඩි වැටුප් සහිත රැකියා සපයා ගැන්මට පුහුණුව ලත් විගමනිකයන් යොමු කිරීමට මේ වන විට ‘ජයගමු ශ්‍රී ලංකා‘ නමින් විදේශ රැකියා, සුභසාධන පහසුකම් ඇතුළු සේවාවන් රැසක් දිවයින පුරා පැවැත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කර ඇත.

එහි එක් වැඩසටහනක් පෙබරවාරි 17 වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, එය අද (18) ත් පැවැත්වේ. එය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ හා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division