Home » ආනයන තහනම ඉවත් කරනු ඇතැයි Yamaha සහ AMW අපේක්ෂා කරයි

ආනයන තහනම ඉවත් කරනු ඇතැයි Yamaha සහ AMW අපේක්ෂා කරයි

by gayan
February 17, 2024 12:30 am 0 comment

Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගිය දා කොළඹ දී පවත්වනු ලැබීය.

AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් සහ Yamaha අලෙවි කටයුතු සිදු කරන රටවල් 140කට වැඩි ප්‍රමාණයක පරිපාලනය හොබවන ජපානයේ Yamaha Motor Corporation විධායක සාමාන්‍යාධිකාරි – කුමිකෝ ඉමායි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මෙම හමුවට සහභාගි විය.

සභාව අමතමින් කුමිකෝ ඉමායි සඳහන් කළේ, මෙරට වෙළෙඳපොළ තුළ Yamaha සන්නාමයට ඇති වැදගත්කම හා ඉහළ පිළිගැනීම පිළිබඳ සලකා බලමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කරනු ලැබූ බවය.

දිවයින පුරා Yamaha අලෙවි නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වී සිටි සභාව අමතමින් බොන්තියුස්, AMW සමාගම නැවත වෙළඳපොළට පැමිණීමත් සමඟ සමාගමේ ක්‍රමික වර්ධනයක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division